Thursday, May 5, 2011

ෂෝ එක IV ..


මතකයිනේ ගිය සැරේ නවත්තපු තැන.. අර දැකුම්කලු මට මොනාද කියන්න සැරසුනේ.. එන්න එතන ඉදන් තමා අද ...

----------------------------------------------------------------------------------------------
අහම්බෙන් බලපු බැලිල්ලට එකටම මුලිච්චි උනේ දැකුම්කලුගේ මූණ.. දැකුම්කලූ මොනාද කියන්න සැරසෙනකොටම මම පටස් ගාලා අහක බලා ගත්තේ නොදැකපු ගානට.. නටාගෙන නටාගෙන එනකොට පැති මාරු වෙනවානේ.. ආයේම කොහොම හරි අර මනුස්සයවම මුලිච්චි වෙනවා..මොනාද කියන්න කට හදනකොටම මම නිකන් මට නෙමේ වගේ අහකබලා ගත්තාට මොකද මගෙත් හිතේ කුතුහලේ මෙයා මේ මොනා කියන්න හදනවාද කියලා.. හිමීට හිතුවක්කාරිගේ කනට කිට්ටු වෙලා මම විස්තරේ කියනවා දැන්..
" මේ අර මනුස්සයා මට මොනාද කියනවා නේ "
"හ්ම් හ්ම් මාත් දැක්කා.. පව් හලෝ.. කියද්දිම අහක බලන්න එපා.. " ඒ ගමන හිතුවක්කාරි මාව විහිලුවට අරගෙන..
" මේ මං දන්නේ නෑ ඔව්වා.. මම නම් ආයේ බලන්නේ නෑ.. "
"හෙහේ.. අපේ පාඩුවේ නටමු.. කියන එකක් කියන්නෙ නැතැයි.. "

එහෙම කියලා අපි දෙන්නා ඉතින් අතින් අල්ලගෙන පොඩි කපල් ඩාන්ස් එකක් දැම්මා.. ආපු වෙලේ ඉදන් නටලා හෙන මහන්සියි.. ඒ උනාට නටන එක නවත්තන්න හිතෙන්නෙත් නෑ යන සිංදු අහනකොට.. අපරාදේනේ එකක් හරි මිස් උනොත්..දෙපාරක් කියන්නේ නෑනේ අප්පා.. ඒ අස්සෙන් හිතුවක්කාරි එලියේ සීත හින්දා ඇදන් ගිහින් තියෙන්නෙ අත් දිග එකක්, දාඩිය දානවා කිය කිය නටනවා.. ඇත්තටම එතන මාර රස්නයක් තිබ්බේ.. කට්ටිය වැඩි නිසා වෙන්න ඕනේ.. මම නම් කඩන් ගිය කොන්ඩෙත් අල්ලලා බැද ගත්තා.. නැත්නම් නිකන් කෙස් මැල්ලුම් කනවා වගේ..

ටික වෙලාවකින් ආයෙම දැකුම් කලු .. හපෝ මෙයා නම් දවසේ නලුවා වෙන්න ට්‍රයි කරනවද කොහෙද.. ඒ ගමන තව යාලුවෙකුත් ඉන්නවා..යාලුවාගේ අතේ මොකක්ද කොලේකුත් තියෙනවා.. හිතුවක්කාරි ඒ පැත්ත බලද්දිම අර කොලුවා අතේ තිබ්බ කොලේ අපේ පැත්තට දමලා විසික් කරා.. හික් හික්.. හිතන්න ඇති අපි ඇහිද ගනී කියලා.. අයියෝ අර අසරණ කොලේ.. කී දෙනෙකුගේ කකුල් වලට යට වෙන්න අද්ද.. කෙනෙකුට පෑගෙනවා පැත්තට විසික් වෙනවා.. හොදම වැඩේ කියන්නේ දැකුම්කලුගේ යාලුවා කොලේ ඇහිදින්න කකුල් අස්සේ රස්තියාදු වෙනවා... අත කී දෙනෙක් පෑගුවාද දන්නේ නෑ..කොහොම හරි සෑහෙන්න රස්තියාදු වෙලා කොලුවා ආයෙම කොලේ ගත්ත අතට...
මෙච්චර මහන්සි වෙලාත් වැඩේ අතාරින පාටක් නෑ.. කොලෙත් අරන් ටිකක් දුරින් නට නට උන්න මනුස්සයෝ දෙන්නා මෙන්න බොලේ අපේ පිටිපස්සේ... ආයෙම විසික් කරා කොලේ අපේ පැත්තට හරියට කුණු මාලු කෑල්ලක් වගේ.. ගන්න පාටක් නැතිම හින්දා යාලුව ඇවිත් හිට ගත්තා අපෙ හිතුවක්කාරිට එහා පැත්තෙන් (එතකොට කොලේ හිතුවක්කාරිගේ දෙපා මුල )...
" නංගි ඔය වැටිලා තියෙන කොලේ ටිකක් අරන් දෙනවද ?? "
එදාපාර නම් හිතුවක්කාරි කොලේ ගත්තා අතට..
" ආ.. මෙන්න අයියේ " අයියෝ කොලුවට හෙනම චාටර්.. හිතුවද දන්නේත් නෑ මේ වගේ කෙල්ලෝ කියලා.. හික් හික්..
" නංගි ඕක ඔයාට .. තියාගන්න "
අනේ මට ඕනේ නෑ කියන්නා වගේ හිතුවක්කාරිත් කොලුවා බලන් ඉද්දිම කොලේ විසික් කරලා දැම්මා.. කොලුවගේ මූණ ඇඹුල් උනේ බලන් ඉද්දිමයි.. අනික විසික් කරපු එකත් හොදට ගියා.. මොකද කියනවා නම් මුලු සීන් එකම අක්කා බලන් ඉන්නවා කියලා දැක්කේ පස්සේ... එයාත් පිපිරි පිපිරි බලන් ඉන්නවා කොලුවෝ දෙන්නා දිහාව.. දැකුම්කලුගේ යාලුවාත් ඩෝං ගාලා පසු බැස්සා.. බලාපොරොත්තු සුන් කරගෙනම.. පව් අප්පා..

------------------------------------------------------------------------------------------
මෙහෙත් ඉතින් ලංකාව වගේමයි.. හරියටම දොලහ වෙනකොට ඕනාම සංගීත සන්දර්ශනයක් නවත්වන්න ඕනේ.. දැන් නම් ලංකාවේ ඒ නීතිය තියෙනවාදත් මන්දා.. මොනා උනත් මහ එපා කරපු නීතියක්.. හොදම හරිය එනකොට නවත්වන්න වෙලාව හරි යනවා.. එදත් ඉතින් එහෙමයි.. හරියට දොලහ වෙනකොට ජාතික ගීය කියලා සංදර්ශනේ ඉවරත් කරා..අනේ අම්මපා සමහරු ජාතික ගීයටත් නටනවා.. සිහියක් පතක් නෑ..

ඔන්න ඉතින් සේරම අවසානේ පටන් ගත්තේ විසිර යාම.. අපිට ටික වෙලාවක් ඇතුලෙම ඉන්න උනා සංගීත කණ්ඩායමේ අදුරන කෙනෙක් ඉන්නවයි කියලා අපේ නෑදෑ වෙන අයියා දුවපු හින්දා..මම නම් ඔය කාගෙවත් නම් අදුරන්නෙත් නෑ.. සංගීත් අයියාව නම් දන්නවා.. එයා ඉතින් නායකයානේ.. හෙහේ...
ශාලාවේ විසිර යන අය අතරේ ආයෙමත් දැකුම් කලු දර්ශනය වෙනවා.. මෙයා නම් දවසේ නලුවා තමයි.. අන්තිම උත්සහය.. ඈත ඉදන්.. " අපි යනවා " ලු.. අනේ පිංවන්ත හිනාව...
හපොයි ඕකත් අපේ අක්කා පැත්තක ඉදන් බලාගෙන.. ගත් කටටම " ඊ අර බලාපියව්කෝ.. යන්නම්ත් ලු.. පුහ්.. "
ඒක කියපු හැටිය අර කොලුවට ඇහුනා නම් පොලව පලාගෙන යනවා...

(කතාව තාම ඉවර නෑ හොදේ.. )

5 comments:

  1. කතාව මේ විදිහට නෙමේ ගියේ,,බලදාරියා විසින් කපා හරින ලදි වෙලා,,,මම මේ කතාව අහලා තියනවා ගොඩක් කාලෙකට ඉස්සර

    ReplyDelete
  2. තාම කතාව ඉවර නැද්ද?මේ තරම් යන්න ඉවර වෙන්නෙ මංග්‍යයකින්ද දන්නෙ නෑ..දාන්නකො එහෙනම් ඉක්මනට...

    ReplyDelete
  3. ඔන්න මම අද තමයි මේ පැත්තෙ ආවෙ. එක හුස්මට මුළු බ්ලොග් එකම කියෙව්වා. සෑහෙන්න මඩ සහිත ප්‍රදේශයක් කියල නම් පේනවා. හික්ස්. කියවන්න ආසයි. ඉක්මනට අනිත් කොටසත් දාන්න හොඳේ.

    ReplyDelete
  4. ආහ් ඔය ඔක්කෝම ගලපලා තියෙන්නේ..ඩිලාන් අයියා නැ කිව්වේ මොකක්ද ..

    .හෙහේ..මට මතක් වෙන්නේ දැකුම්කලු අර චිට් එක දෙන්න ගිහින් අත හොදට පැගුන හැටි...පව්.. මට හිතාගන්න පුලුවන් ඉතුරු කොටස් ටිකත්...

    ReplyDelete