
විඩාබර දෙනෙත් අඩවන් කරනෙමි..
ලෝකයෙන් මිදී සැනසුම ලබනට..
දෙනෙත් අභියස අඳුරු ලෝකයක්..
හිරු එලිය එන්නැති,
මල් සුවඳ නොදැනෙන...
හදෙහි කෙලවරක...
තනි වුන සිතුවමකට..
ජීවය ගෙන දෙයි..
නවමු ලෝකයක්...
බිය මෙන් සතුටද..
දුක මෙන් පැතුමද...
සිතේ උපදවයි...
අරුම ලෝකයක්...
විටෙක මතකෙට..
ඉගිලී යන්නට..
හිතට තටු දෙයි...
වෙනස් ලෝකයක්...
සියැසින් දුටුවද..
සිතින් විසුවද..
හැබැහින් නොදුටුව..
සිහින ලෝකයක්...
සින්තටික් සිහින
ReplyDeleteහැබෑ කර ගැනුමට නොහැකි වූ සිහින ලෝකය
ReplyDeleteසිහින ලෝකයක්
ReplyDeleteදෙනෙත් අද්දර
හිතින් මා සොරාගෙන
එහි යන්නට හදන..
ඒක ලස්සනයි...
ReplyDeleteනිරුවත් දැසින් සිහින දෙස බැලීමට කාලය උදාවී ඇත.
ReplyDeleteප්රමාදය පසු තැවීමට හෙතුවෙ...............
ලස්සනද දන්නැ.. මාත් ලිවා කවියක්..!
ReplyDeleteමල් සුවඳ නොදැනෙන...
හිරු එලිය එන්නැති,
දෙනෙත් අභියස අඳුරු ලෝකයක්..
ලෝකයෙන් මිදී සැනසුම ලබනට..
විඩාබර දෙනෙත් අඩවන් කරනෙමි..
:D :D
හ්ම්ම්ම් අලුත් ලෝකයක්...
ReplyDeleteයෞවනය සුන්දර සිහින වලින් නොපිරුනොත් ඒක මහා හිස් බවකින් පිරේවි.සිහිනය සිහිනයක්ම නොවේවා'යි පතමි.
ReplyDeleteහික් හික් හික්...
ReplyDeleteහීනෙන් බය වෙලා... :D :D :D :D
This comment has been removed by the author.
ReplyDeleteමාර හීනයක්නෙ..හික්ස්..
ReplyDeleteදෙන්නටම මක් උනාද?
ReplyDeletetherune nehe :):)
ReplyDelete