Saturday, May 25, 2013

ආදරේ ටිකක් .. නැතිව යාවිද..



දුරක සිටී නම්..
කවදා හෝ යලි..
එක්වෙන සැනසුම...
සිතට දැනේවී..
ලඟ හිඳි මුත් නුඹ..
සිතේ දුරස්බව..
බිඳිනු කෙලෙසක
කියන්න මට අපි..

නුඹ දිහා බලන්..
සිතින් අඬන මට..
කඳුලම පමණක්..
උරුම වේවිද..
නුඹට ආදරෙන්..
පෙරුම් පුරන මට..
ආදරේ ටිකක්..
නැතිව යාවිද..

ගන්නට මගෙ අත..
ඉඩ හැර අයෙකුට..
සිත හොරකම් කර..
ඔබ දුර යාවිද..
මතකය පමණක්..
සිතේ ගුලි කර..
විඳවන්නට මට..
ඉඩ හරීවිද..

පසුතැවෙනවා සිත..
අහිමි වෙන ඔබ දැක..
පසුබසිනවා හද..
ඔහුගෙ වෙන්නට..
කකියන නෙතු අග..
නොනවතින කඳුලු කැට..
දොස් නගනවා මට..
නොසිතුවේ ඇයිද දුර..