
ඔයාලාට මතක ඇති නේ ගිය සැරේ ෂෝ එක II පෝස්ට් එකෙන් ඔයාලාට සිද්ධිය ගැන කිව්වා... අපේ හිතුවක්කාරිත් කොමල පපා අර කලු උනත් දැකුම්කලු කොලුවා එක්ක පොඩි හිනාවක් දාපු එක... මතක නැත්නම් මෙතනට ගිහින් බලන්නලාකෝ...
------------------------------------------------------------------------------------------
මමත් ඉතින් වේදිකාවේ ෂෝ එකයි, මට පිටිපස්සේ ෂෝ එකයි බලන ගමන් මගේ පාඩුවේ නට නට උන්නා... අනේ මන්දා හිතුවක්කාරිගේ බෙල්ල ගහලා ගියේ නැති ටික විතරයි.. හිටු කියලා නටන ගමන්ම අර පිටිපස්සේ ෂෝ එකත් කොහොම බැලුවද මන්දා .. මට ඉතින් මගේ බෙල්ල වටිනවා නේ.. ඒක හින්දා ටික වෙලාවක් යනකන් පිටිපස්සේ ෂෝ එක බලලා පස්සේ වැඩේ අතෑරලා දැම්මා..
ඔන්න ඊලඟ බාල්දිය අපේ හිතුවක්කාරිට... අපේ පිටිපස්සට වෙන්න නට නට උන්නා අංකල්ලා ටිකක්.. ඒ කස්ටියම මදි නොකියන්න නටනවා.. නිකන් නෙමේ වැනි වැනි නටනවා..ටිකක් නටනවා බාර් එක පැත්තේ රවුමක් දානවා .. ආයේ එනවා හිටු කියලා නටනවා.. ඔතන උන්නා තට්ට අංකල් කෙනෙක්.. මේ මනුස්සයා අනේ හොදට නට නට උන්න මනුස්සයා..එක පාරටම ගල් උනා වගේ කෙලින් හිට ගත්තා.. දැන හාත් නෑ හූත් නෑ... අපිට ඉතින් එයාගෙන් වැඩක් නෑ නේ.. අපි අපේ පාඩුවේ අපේ වැඩේ කරගෙන යනවා ( නටන එක ) .. අර ගල් උන අංකල් ටික වෙලාවක් හොද...ට අපි නටන දිහාවත් බලන් උන්නා ඉතින්..අපිට හිතාගන්නත් බෑ මේකේ මෙච්චර බලන්න තරම් මොනා තියෙනවාද කියලා.. අපිට මොකෝ අපි නටනවා..මේ මනුස්සයා හිටපු ගමන් නිකන් ක්වික් උනා වගේ.. අත් දෙක දිග ඇරලා පැන්නා නේද මායි හිතුවක්කාරියි මැදට.. මම දඩස් ගාල පැන්නා අහකට.. අපේ හිතුවක්කාරි මොට්ටයා වගේ බලන් ඉන්නවා.( සමහරවිට කරගන්න දෙයක් හිතාගන්න බැරුව යන්න ඇති ).. දැන් අර අංකල් ඇඟටම එනවා..හිතුවක්කාරිගේ හොද වෙලාවට අපේ මස්සිනා පොඩ්ඩගේ යාලුවෙක් ඉදලා ඇදලා ගත්තා පැත්තකට.. හික්.. ඊලගට තමා හොදම හරිය.. දැන් මස්සිනාගේ යාලුවා, එයාට අපි නිමේශ් කියමුකෝ.. හිතුවක්කාරිගේ ඇදලා ගත්තු අත අල්ලගෙන ඔහොමම නටනවා.. කරකවලා ගන්නවා .. ඈතට විසි කරනවා...නිමේශ් අයියාගේ නෝනා මහත්මිය පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා... අම්මේ ඒ ඇස් දෙකේ බැල්ම පිච්චෙන සයිස් අප්පා.. නිමේශ් අයියාට ඉතින් ඕක ගානක් නෑ ( ගානක් නෑ නෙමේ දැක්කේ නෑ.. දැක්කනම් ඉතින් පටස් ගාල අත අතාරිනවා නෝමල් එකේ .. හික් හික්.. ).. කරකවලා ගත්ත පාරට අපේ හිතුවක්කාරිට ගැටුනා පිච්චෙන නෝනාගේ දෙනෙත්.. අම්මේ එවෙලේ බලන්න වටිනවා අප්පා හිතුවක්කාරිගේ මූණ මැලවිලා ගිය හැටි.. මට පැත්තක ඉදන් හිනා... ඊලඟට හිතුවක්කාරි බොහෝම අසරණ විලාසයෙන් මං දිහාව බලනවා හරියට " අනේ ඉශ්වියෝ මාව බේරගන්න " කියනවා වගේ.. මටත් ඉතින් බලන් ඉන්න බෑ දුකා....යි..... හිමීට දෙන්නා මැදට පැනලා හිතුවක්කාරිව ඇදගෙන ආව මං ගාවට... ඒත් මට හිනාව නවත්ත ගන්න බෑ.. අර අක්කගේ මූණ මතක් වෙන මතක් වෙන සැරේට හිනා යනවා...
" මොකද නිකන් කවුද වගේ හිනා වෙන්නේ.. නවත්තගන්නවකෝ ඕක.. "
" හිහිහි.. මේ නිම්ෂෝ දැක්කාද අරයාගේ මූණ... අනේ මන්දා පවුල් කඩාකප්පල් කරන වැඩ නේ කරන්නේ.. හික් හික් "
" අනේ මේ මගෙන් මොකුත් අහගන්න එපා " එහෙම කියලා අල්ලගෙන උන්න අත මිරිකලා ඇරියේ අපේ හිතුවක්කාරි...
" මේ ඔයාටත් තේරුනාද නිම්ෂෝ මට තේරුණ එක?? " මම එහෙම ඇහුවේ හිතුවක්කාරිව අවුස්සන්න හිතාගෙන..
" මොනාද ??? "
" අද ඔයා එලියට බැහැපු වෙලේ ඉදන් සිකුරා ලබලාද කොහෙද.. කොල්ලෝ විතරක් නෙමේ අංකල්ලත් ට්රයි නේ.. අහ්හහා.." එදා පාර නම් මම ගුටියක්ම කෑවා..
-----------------------------------------------------------------------------------------------
දැන් නම් කට්ටියට නටලා නටලා හරිම අමාරුයි.. මටත් නිකන් ඉනේ එක පැත්තක් උලුක් වෙලා වගේ.. උලුක් වෙලාමත් නෙමේ.. අනේ මට ඒක කියන්න තේරෙන්නේ නෑ..කොහොම හරි.. අපේ කට්ටිය කතා උනා බාත් රූම් එක පැත්තේ හෙම ගිහින් මොනා හරි බීලත් එන්න...යනකොටත් මං බලාගෙන දැකුම්කලු කොලුවා බෙල්ල කඩාගෙන අපේ පැත්ත බලනවා..සෙනඟ අස්සේ කවලම් වෙලා අපිව නොපෙනී යනකන්ම බෙල්ල දික් කරාගෙන උන්නා.. අනේ පව් අප්පා...
අපි බීම එකක් හෙම අරගෙන එනකොට නම් හැබයි කොලුවා අතුරුදහන්.. සමහරවිට අපි නැති හින්දා වෙන තැනකට මාරු වෙලාද කොහෙද... හිතුවක්කාරිට නම් එදා සිකුරුයි සිකුරා ලබලා.. කොහෙද උන්න කැමරා කාරයෙකුත් බලනවා.. අපෝ විකාරේ.. කැත නම් නෑ හැබැයි.. පස්සේ ආරංචි උනා බැදපු මනුස්සයෙක්ය කියලා...පේනවා නේද නෝනා ගෙදර තියලා එදා නටපු නාඩගම...
අනේ බීම එකේ පිහිටෙන් අපිත් ආයෙම නටනවා.. බීම කිව්වාට සිසිල් බීම හොදේ..නිකමට වගේ මට පිටිපස්ස බැලුනේ අහම්බෙන් වගේ..ඇහ් මෙන්න බොලේ දැකුම් කලු ආයෙම.. වෙලාවට මම බලද්දිම තමා ඒ මනුස්සයත් මං උන්න දිහාව බැලුවේ.. ඕඕඕ.. :O !! ඒ ගමන මට මොනාද කියනවා... මම නිකන් ඩෝං ගාලා අහක බලාගත්තේ නොදැක්ක විදියට.. ඒ ගමන දැකුම්කලු මොකටද එන්න හදන්නේ... ?? o.O
අහ්. මේක මෙගා සීරීස් එකක්නෙ. කොහොම උනත් මඩනම් ගහනවා ඇගට පතට නොදැනී. තව කාට කාට මඩ වදීවිද කියලා දෙයියෝ තමා දන්නේ. :D
ReplyDeleteමම හිතුවේ අද වලිය සෙට් කියලා,,අදත් නෑ නේ
ReplyDeleteඔව් ඔව් දැක්කා තමයි එක මුණක්ද අබ දැම්මා නම් පුපුරනවා අර නෝනා නම්... එක හපන් අර අංකල් එක ... අපොයි එදා ඒ පැය ගාණ...
ReplyDeleteහපොයි........ !!
ReplyDeleteඉස්විගෙ මඩසංග්රාමයෙ තවත් දිනක්.............!!!
එල එල... ඉස්වි නෙමෙයි මඩ ඉසීවි කියල නම දාගන්න තිබ්බෙ... ;)
ReplyDeleteමගුලයි..මඩේ ලගින ඉස්සි :P :D :D
ReplyDeleteලස්සන කතාවක්... බලමුකෝ ඉතුරු ටිකත්...
ReplyDelete@ අනුරාධ අයියා - හහ්හහ්හා... කොහොම උනත් ඇත්ත කතාවනේ.. මොකට බොරු කියනවාද ඉතින්.. හෙහේ... :D
ReplyDelete@ ItalyDilan - අපොයි මෙන්න මෙයා වලියක් එනකන් බලන් ඉන්නවා... :P
@ නිම්ශා - හික් හික්.. මට නම් මැවි මැවි පේනවා.. අපෝයි මතක් වෙද්දිත් හිනා.. එක පැය ගානට වෙච්ච දේවල්... :D
@ pusseela - හිහි.. මඩක්ම නෙමේ ඉතින්... ;)
ReplyDelete@ සාතන් - අනේහ් මෙන්න... මට නම් පට බදිනවා.. මම අම්මාට කියනවා හොදේ... :'( .. :P
බනීට මං ඉතින් කියන්නේ නෑ.. හහ්... :P
@ Dinesh - ගොඩාක් ස්තූතියි... :)
@ හාවා-හාවො තමා මඩේ ලගින්නෙ.
ReplyDelete@ ඉශ්වි & නිම්ශා-මට හිතා ගන්න පුලුවං මේ දැකුම් කලු කොල්ලා කව්ද කියලා.හ්ම් හ්ම්.නමේ පලවෙනි අකුර කියන්නත් හිතෙනවා.ඒත් ඕන නෑ.පව්නෙ මොනා උනත්.හික්ස්......
@ සීතල අයියා - ඇහ් මෙයා මේ කියන්නේ කා ගැනද?? o.O
ReplyDeletebabo..meka digaine haloo...:(:( oke shorter version ekak ewannako mama wage kammaliyonta..hehe
ReplyDeleteanith dawase kata ochchara digata liwwoth hakka paninda 10k aninawa onna..
@ ඉෂ්වි- පොඩි විහිලුවක් අනේ කලේ.මම ඔය show එකට ඉන්න බැරි උනානෙ.නැත්තං දැන ගන්න තිබ්බා.ඔන්න කතාව වෙනස් කරන්නෙ නෑහොදේ.මම කැමතිම පොතක් තමා ශර්ලොක් හෝම්ස්ගෙ කතා පොත්.ඒකට පස්සෙ කතාවක් කියෙව්වමයි මේ.ශර්ලොක් හෝම්ස්ගෙ කතා වලට දෙවැනි නෑ.
ReplyDelete@ maniyaa - අනේ බොලව්.. කම්මැලියා දුප්පත් වේ කිව්වාලු.. හහ් එව්වා කොහෙද මාත් එක්ක.. දෙන්නේ හොම්බ තැලෙන්න... hehe :P
ReplyDelete@ සීතල අයියා - ආ.. එහෙමද.. හනේ ඔච්චර මුරුංගා අත්තේ තියන්න එපා අප්පා... හෙහේ..
"අපේ කට්ටිය කතා උනා බාත් රූම් එක පැත්තේ හෙම ගිහින් මොනා හරි බීලත් එන්න"
ReplyDeleteමේ.. ඔහේ බොන දේවල් තියෙන්නේ බාත් රූම් එකේද? :O ;)
අපිත් රබර් ඇහැ දාගෙන ඉන්නේ ඉතාලියේ මොකද වෙන්නේ කියලා .. ඊලඟ කොටසත් තියන නේද ?
ReplyDelete@ චතුවා (ළමයා) - අපෝ එහෙම නෙමේ ඉතින්.. එකටම බාත් රූම් එකට ගිහින් පස්සෙ මොනා හරි බීල එනවා කියලා තමා ඔය කිව්වේ...
ReplyDelete@ හිස් අහස - ඔව් ඔව් ඒකත් තියෙනවා... :)