
අද මට ඔහොම ඉන්න ගමන් මතක් උනා මීට අවුරුද්දකට විතර කලින් මට වෙච්චි ඇබැද්දියක් ගැන.. මට ඉතින් උනොත් වෙන්නේ ඔය වගේ වැඩ තමයි නේ.. මේකත් අර කචල් හීනයක් තමයි.. කචල් උනත් මොකද හීනයක් නම්.. ඒත් මේක නම් හීනයක් නෙමේ.. හැබෑවට වෙච්චි සිදුවීමක්..
එදත් වෙනදා වගේම අලුත් ඒත් එපා කරපු දවසක ආරම්භයක්.. එපා කරපු දවසක් කිව්වේ ඉතින් ඉස්කෝලේ යන්න වේලාස්සන නැගිටින්න ඕනේ හින්දා..අනික ඒ සීත කාලේ මෙහෙට..පාන්දර හයට නැගිටින වෙලාවට තමා හොදම නින්ද..ඒ උනාට කොහෙද ඉතින් හයේ ඉදන් නැගිටගෙන වද දෙන්න එපැයි..මෙහෙ සීත කාලේ කියන්නේ ඉතින් ලංකාවේ පාන්දර වැටෙන හීන් ඉර එලිය ගැන හිතලාවත් නෑ.. හද්ද කරුවලයි..
පාන්දර හයේ සීනුව වැදෙනකොටම මමත් වෙනදා පුරුද්දටම නැගිටල අත පත ගාගෙන හෙව්වේ ලයිට් එක දාන ස්විච් එක..ලයිට් එක දානවා දානවා ලයිට් එක වැටෙන්නේ නෑ... මාත් ඉතින් හොල්මන වගේ කාමරෙන් එලියට බැස්සේ කොරිඩෝවේ ලයිට් එකවත් වැඩ කරනවද බලන්න..ම්හ්ම්.. ඒකත් වැඩ නෑ.. මටත් පුදුමයි ඉතින් මොකද මෙහෙ කරන්ට් එක යනවා කියන්නේ කලාතුරකින්..ඊලඟට බිත්තිය අත ගාගෙන අම්මලාගේ කාමරේ දිහාවට ගිහින් මම තාත්තාට කිව්වා.. තාත්තේ ලයිට් නෑ වගේය කියල..තාත්තාත් ඇවිත් බලලා කිව්වේ කරන්ට් එක ගිහින් වගේය කියලා.. දැන් ඉතින් මොනා කරන්නද.. ඉස්කෝලෙ යන්නත් පරක්කු වෙන නිසා අම්මා මගේ අතට ඉටි පන්දමක් දීලා කිව්වා මූණ හෝදගෙන එන්නයි කියලා..මමත් ඉතින් ඉටි පන්දමත් අතින් අරගෙනම නාන කාමරේට ගොඩ උනා.. ඒ ගමන ඉටි පන්දම තියන්න තැනක් නෑ..සින්ක් එක උඩින් තිබ්බාට පේන්නෙත් නෑ.. ඒක හින්දා කණ්ණාඩියට පහලින් විසිතුරු බඩු තියන්න හදලා තිබුන වීදුරු පඩිය උඩින් ඉටි පන්දම තියලා බලද්දි එතන නම් හොදයි වගේ.. ගානට එලිය විහිදෙනවා..ඒක එතනින් තියලා ගොතලා තිබුන කොන්ඩේ උඩට කරලා කට්ටක් ගහගෙන මම පහත් උනේ මූණ හෝද ගන්න.. ටික වෙලාවක් යනකොට මට නිකන් තේරෙනවා එලිය වැඩි වෙන ගතියක් වගේ..කරන්ට් එක ආවාවත්දෝ කියලා ඔලුව උස්සල කණ්නාඩියෙන් බලද්දි මොකද.. බලන්න දෙයක් නෑ උස්සලා ගහ ගත්තු කොන්ඩේ අගිස්ස ගිනි ගන්නවා....අපෝයි මම බය වෙච්චි බය විල්ලක්.. මම දැන් කණ්නාඩියෙන් බලාගෙන බෙරිහන් දෙනවා..අම්මේ අම්මේ මගේ කොණ්ඩේ කියලා.. ගිනි ගන්න අගිස්ස නිමා ගන්නවත් කල්පනාවක් නෑ මට.. අම්මාත් කරුවලේ දඩ බඩ ගාලා දුවන් ඇවිත් මගේ ඔලුව ඇල්ලුවා ටැප් එකට...හප්පේ ගන්දනාවේ බෑ පිච්චුන කොන්ඩේ..වෙලාව කියන්නේ පිච්චිලා තියෙන්නේ කොන්ඩේ අගිස්ස.. මැදින් හෙම පිච්චුනා නම් මම ඉදලා හමාරයි.. කොන්ඩේ පිච්චුනා මදිවට අම්මාගෙනුත් බැනුම් අහපියව්කෝ ඉතින් කරන්නන් වාලේ වැඩ කරනවා කල්පනාවක් නැතුව කියලා..කවුද වගේ උඩ පැන පැන උන්නේ කොන්ඩෙට වතුර අල්ලලා නිමා ගන්නේ නැතුව.. බ්ලා.. බ්ලා.. අම්මා නම් කියයි. මම බය වෙච්ච බය විල්ල මම නේ දන්නේ... ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් මට වුනේ..
හිහ් හිහ් .... හොද වැඩේ පරිස්සමෙන් වැඩ නොකරනවට........... :P
ReplyDeleteඔච්චර කියන්න දෙයක් තියෙනවැයි.. "මගේ කොන්ඩෙ ගොඩක් දිගයි" කිව්වනම් ඉවරයිනේ... :P මොනා වුනත් ඉතිං පරිස්සසමට...
ReplyDeleteහී.... අපි කාට කාටත් එක වගේ අත්දැකීම් තියෙනවා එහෙනම්..
ReplyDeletehttp://lakmisher.blogspot.com/2011/03/blog-post.html
මගෙත් කොණ්ඩෙ පිච්චුනා දවසක් පන්සලේදී පහන් පත්තු කරන්න ගිහිල්ලා :D
ReplyDeleteහෙන ලොකු ඇති කොන්ඩෙ...:P
ReplyDeleteලොල්ය... අපරාදෙ අග්ගිස්ස...
ReplyDeleteපිච්චෙන්නම වටින කොන්ඩේ...පුහ්....
ReplyDeleteමොන දේට උනත් බය වෙන්න හොද නෑ
ReplyDelete( මට මේක කියවද්දි මතක් උනේ අර කාටූන් වල ගිනි අරගෙන කෑගහන වෙලාවල් තියෙන්නේ අන්න ඒකක් :P )
ගහෙන් වැටුන මිනිහ ඔයා නම්... ගොනා?... මේ කෙල්ල තමුන්ගෙම අම්මටත් මඩ ගහනවනෙ... අපොයි...
ReplyDelete@ චේ උන්නැහේ..-හෙහේ කවුද ඉතින් දන්නේ ඔලුව ගිනි ගනී කියලා... :P
ReplyDelete@ prasanna86k -හහ්හා එහෙමට දිග නෑ අප්පා මගේ කොන්ඩේ.. මෙව්වා ඉතින් නොහිතපු විදියට වෙන එව්වා නේ.. :P
@ පිණිබිඳු -. එකනේ කියන්නේ.. මල වදේ වෙලාවකට කොන්ඩේ එක්කත්... :D
@ ChAnDiKa..ඒකනේ කියන්නේ කොටට තියෙන කොන්ඩත් පිච්චෙනවා නම් ටිකක් දිගට තියෙන එකක් පිච්චෙන එක එච්චර දෙයක් නෙමේ නේ.. :D
ReplyDelete@ Bunny - ලොකු කොන්ඩත් තියෙනවාද?? මම අහලා තියෙන්නේ දිග කොන්ඩා විතරනේ.. o.O
@ සුළඟිල්ල | pinkie -ඒකනේ.. පස්සෙ අගිස්ස කපන්න උනා..
@ රත්ගමයා - ඇයි දෙයියනේ.. මට වටින්නේ නැද්ද මගේ කොන්ඩේ..!! හහ්.. :P
ReplyDelete@ DarKneT | ඉෂාර - හිතලා බය උනේ නෑ අලේ.. හිහි.... :D
@ සාතන් -අපොයි ඕකනේ ඉතින් වචනේ වරදින්න බෑ.. මම ඉතින් කිව්වේ අර කතාවක් තියෙන්නේ ..එන්න ඒක.... :P
අවුලක් නෑ කට්ටිය හිතාවි ඒකත් fashion එකක් කියලා....
ReplyDelete@ හරී - ඒක නම් ඇත්ත දැන් මොනා කරන් ගියත් ඒක fashion එකක් වෙනවනේ... :D
ReplyDeleteකොන්ඩේ පිච්චෙන ගද තමා ගද නේ
ReplyDelete@ ItalyDilan - අම්මේ කියලා වැඩක් නෑ.. මහ එපා කරපු ගඳක් එන්නේ.. බ්ලෑක්කා.... :/
ReplyDeleteහෆොයි අපරාදෙ.දානයක් නැති වීම ගැන දුකින් සිටිමි. :-(
ReplyDelete@ සීතල අයියා - අනේ මෙහෙමත් මනුස්සයෝ.. මැරෙනකන් නේ බලන් ඉන්නේ දානේ කන්න.. ශිකේ... :/ :P
ReplyDeleteaparade serama pichchune nane..shik..:D :D
ReplyDelete