
අද මම ඔයාලාට කියන්න යන්නේ මං පොඩි කාලේ සිද්ධ වෙච්චි දෙයක් ගැන.. මම ඒ කාලේ සෙල්ලම කොලුවෝ එක්කමයි.. ඒක හින්දා මගේ හොදම යාලුවත් පොඩි කොලුවෙක්.. අපේ නෑදෑයොත් වෙනවා.. අක්ෂරේ නම් මම දවසක් කියලාත් තියෙනවා අපි දෙන්නා එක්කහු උනාම කරන වැඩ ගැන.. මේකත් ඒ වගේම එකක් තමයි..
මම ඔය කිව්වේ අපේ චමි අයියා ගැන.. පොඩි දවස් වල දවසෙන් වැඩි හරියක්ම අපේ ගෙදර තමයි.. මේ සිද්ධිය වෙච්ච දවස් වල නම් අපි එච්චරම පොඩි නෑ.. චමි අයියාට ඇති අවුරුදු දාසයක් විතර.. ඔන්න එදත් වෙනදා පුරුද්දට උදේ පාන්දරම බයිසිකලේ නැගිලා චමි අයියා ආවා කඩාගෙන බිදගෙන.. ඔය අහලක පහලක හිටියොත් හෙම අනිවාරෙන් යට කරන් යනවා.. ඔන්න කන ගාවින් හරවලා ගන්නවා කියලා කන ගාවින් කෙසේ වෙතත් කකුල උඩින් හරි යනවා.. මම නම් අහලකවත් ඉන්නෙ නෑ ඔය වෙලේට.. එක දවසක් මාවත් බයිසිකලේ නග්ගගෙන කනේ වැලි ගෑවෙන්න හරවන්න ගිහින් ගහක හප්ප ගත්ත දවසේ ඉදන් මම නම් නෙමේ ඔය බයිසිකලේ අහලකටවත් යන්නේ.. එනකොට එන්නේ ගම හොල්ලගෙන ඒ උනාට මොකද කලුවර වැටිච්ච වෙලේට එලියට බහින්නත් බයයි..සමහර දවස් වලට වීරයා වගේ රෑ වෙනකන් අපේ දිහා ඉදලා ගෙදර ගිහින් අරින්න වෙන්නේ අපේ අම්මාට.. හික් හික්..
ඔන්න ඉතින් එදත් ආවයි කියමුකෝ... අපේ පිලට වෙලා මාත් එක්ක හබ කර කර ඉන්න ගමන් අපේ සිවිලිමෙන් ඇහෙනවා දඩ බඩස් ගාලා සද්දයක්..ඒ දවස් වල අපේ සිවිලිම ගහලා ඉවරයක් කරලා තිබුනේ නෑ.. එලියෙන් තව වැඩ ඉවර කරන්න ඉතිරි වෙලා තිබුනේ... ඔන්න දැන් ඇහෙනවා චීස් බීස්.. දඩ බඩ ගගා නිකන් දුවනවා වගේ සද්දයක්... චමි අයියා ගත් කටටම කිව්වා මීයෝ වෙන්න ඕනේ කියලා.. සද්දේ හැටියට නම් මටත් එහෙමයි හිතුනේ..අපේ අම්මාත් උන්නා ඔතන.. චමි අයියා නිකන් වැඩකාරයා වගේ අපේ අම්මාට කියනවා නැන්දේ ශුවර් එකට ඔය මීයෝ.. මම ටිකක් උඩට නැගල බලන්නම්.. හා ද එපා ද කියන්නත් කලින් මෙන්න බොලේ මෙයා යනවා නේද ඉනිමගත් අරගෙන.. මටත් දන්න දවස් වල ඉදන්ම තිබ්බා වහලට නැගීමේ ආසාවක්.. කොහෙද ඉතින් අපේ අම්මා එක්ක බෑ නේ...ඒක හින්දා මම එලියට ගිහින් බලන් ඉන්නවා චමි අයියා වහලට නගිනකන්.. දැන් එයත් සිවිලිමට නැගලා බරට බරට අඩි තියන සද්දෙත් ඇහෙනවා.. මම ඉතින් බිම ඉදන් කෑ ගහනවා මොනාද චමි අයියේ උඩ තියෙන්නේ?? මීයෝ ඉන්නවාදෝ කියලා.. මෙයා ඉතින් උඩ ඉදන් මාව අවුස්සනවා අම්මෝ මේ බලනවා හෙනට මීයෝ.. මේ මූණ දිහා බලන් ඉන්නවයි කියලා.. ඔහොම කියාගෙන මෙයා ඉස්සරහට ඉස්සරහට යනවා..ටික වෙලාවකින් සද්දෙකුත් නෑ මෙයාගේ.. මම තවම කටත් ඇරන් උඩ බලන් ඉන්නවා දැන් එයිදෝ දැන් එයිදෝ කියලා..ඔහොම ටික වෙලාවක් යනකොට දඩබඩස් ගාලා සද්දෙකුත් එක්ක චමි අයියා අම්මේ කියලා කෑ ගහනවා වගේ ඇහුනා...මමත් කැරකිලා ගෙදර අනිත් පැත්තට දුවන් යද්දි මෙන්න බොලේ චමි අයියා කුස්සිය මැද්දේ.. නහයත් බිම ඇනිලා.. බැලින්නම් මේ යකාව සිවිලිම කඩාගෙන කුස්සිය මැදට වැටිලා..තුවාල නම් වෙලා නෑ.. ඒත් නහය බිම ඇනිලා.. මට මැරෙන්න හිනා.. මොකද මැට්ටියේ හිනා වෙන්නේ මීයෙක් නිකන් ඇගට වගේ ආවානේ තරහෙන් පුපුර පුපුර නැගිටින ගමන් චමි අයියා කිව්ව විදියට මට තවත් හිනා...
ඔන්න ඉතින් බලන්නකෝ මීයෝ මූණ දිහා බලන් ඉන්නවයි කියලා මට කියලා මීයෙක් දැක්ක ගමන් මෙයා සිවිලිමත් කඩාගෙන බිම.. ඒ උනාට ගියේ කොහොමද උඩ උන්න මීයෝ සේරම අල්ලන්න පුලුවන් මනුස්සයා වගේ...බැරි වැඩ නොකරන් හබරෝ කිව්වලු.. හික් හික්..
හික්..හික්... කට විතරයි වැඩ බැ නේ ඉතින්... අපෝ.... ගෙම්බියේ බලන් උන්නේ නගින්න එපැයි..ඉස්සර අපි නම් මායි අපේ මල්ලියි හරී යි ඇඹරැල්ලා අච්චාරු හදන් යනවා ගෙයි වහලේ උඩට ... අපේ ගේ කියලා හිතන් කන්න....එල එල ...
ReplyDeleteඇහ් ඇත්තට ඒ පැත්තේ කෙල්ලෝ නැද්ද .... කොහොම උනත් ඒ ඉස්සර කාලේ කොල්ලෝ එක්ක තමයි සෙල්ලම ට වැටෙන්නේ ඒ කාලේ ඉතින් දැන් වගේ වපර ඇහින් බලන්නෙත් නැ බං..ඒ කාලේ හරිම අහිංසකයි....
මට නම් නගින්න බැරි කමක් නෑ.. අපේ අම්මා එක්ක බෑනේ.. :/
ReplyDeleteඅම්මෝ ඒ කතාව නම් සහතික ඇත්ත.. ඒ කාලේ මාර ලස්සනයි.. ආයේ ආපස්සට යන්න පුලුවන් නම් මම යන්නේ ඒ කාලේට.. කෙල්ලො නම් අනේ මන්දා.. කොල්ලෝ නම් මදි නොකියන්න උන්නා... ;)
අපරාදේ නගාටත් තිබුනේ මීයෝ නරඹන්න යන්න වහල උඩට
ReplyDeleteඒ කාලෙට ගිහින් වත් වහෙලෙට නැගගන්න... :P
ReplyDeleteඔය බය වෙලා තියෙන්නෙ මීයා ඇගට ආවට නෙමේ බැරි වෙලාවත් මීය කාලා මී උන හැදුනොත්... නැත්නම් හම සුදු උනොත්.. අන්න ඒ දේ ගැන හිතල තමයි අයියා ඔය වගේ දෙයක් කරන්න ඇත්තෙ.... අනාගතේ ගැන හොදට හිතලා තියනවා අයියා...
අඩේ.. මගෙත් ආසම පොට් එක වහල.. අපේ තාත්තා සොල්දරෙකුත් හදලා තිබ්බා, ඉතිං මං හැම තිස්සෙම ඕකට නගින නිසා.. ලස්සනට ඉනිමගකුත් හදලා දුන්නා.. :D
ReplyDeleteඅනේ අම්බේ මීයො.කතා කරන්න එපා.මහ යක්ස පැටවුනෙ.
ReplyDeleteදැනට අවුරුදු 2කට විතර උඩදි අපේ ගෙදර එක පාරක් මීයෙක් ඉදලා රෑ රැකගෙන හිටියා නිදි මරාගෙන.මූ එනවා පාන්දර 3.15ට විතර.මූ උදේ රාජකාරි කරන මීයෙක්ද කොහෙද.කාලකන්නියා.ගත්තා කොස්ස.දුන්නා ඌට ඉදා කියලා මගේ නින්ද මැරෙව්වටත් එක්ක.ආයෙත් නෑ නියම පාර වැදුනෙ.කොහෙටද දන්නවද? කැබුනට් එකේ වීදුරුවට.දන්නවනෙ ඉතිං උන දේ.කැබිනට් එකේ වීදුරුව කැඩිලා.එහෙන් මැරුණ මීයෙකුත් නෑ.(හොද වෙලාවට පිගන් වලට "වැඩිය" අලාබ හානි නෑ)මටනම් ලැබුනා හොද ගුටි පාරවල් ටිකක් මදි නොකියන්න බැනුනුත් සමග.එදා රෑ දැම්මා ඌ යන පාරෙ අර ස්ටිකර් එකක්.උදේ නැගිටිනකොට මූ ඉන්නවා ඇලවිලා.සිහියත් තියෙනවා.පව් කියලත් හිතුනා.ඉතිං මම අතාරින්න තීරණය කලා.හැබැයි ඉස්සෙල්ලම එකක් කරලා.මොනා උනත් ඇල්ලුන එකානෙ.ස්ටිකර් එකට ගිය සල්ලිත් අපරාදෙනෙ.ගත්තා injection එකක්.දැම්මා ම'කරි ටිකක්.විද්දා ඌට.ඊට පස්සෙ හෙන ගේමක් දීලා ස්ටිකර් එක එහෙන් මෙහෙන් කපලා යැව්වා.අපරාදෙ මම ඌව ඒ වෙලේ නිදහස් කලේ.ඌ දවස් 3කට විතර පස්සෙ මැරිලා.පව් අප්පා.ම'කරි ඌට ඇලජික් වෙලාද කොහෙද :'(
@ මාලන්-මචං මීයො කෑවම සුදුවෙනවයි කියන එක බොරුවක් බං.එහෙම දෙයක් නෑ.ඒක මිත්යා මතයක් විතරයි.
හැබැයි ඒ කාලේ මෙහෙම දෙයක් තිබ්බා.පණු බෙහෙත් බීලා ඇඹුල් මොනා හරි කෑවොත් අතුරු ආබාදයක් විදියට සුදු උනා.ඒක මිනිස්සු පටලවා ගත්තා මීයගෙ හපා කෑමත් එක්ක.
අඩේ මේවගේ ජොලි කතා මටත් තියෙනවනෙ.හැබැයි ඉතිං පාට්නස්ලා නෑ.තනි මම.ඒක තමා දුක (මොනා උනත් තනි ඇතා).දාන්න ඕන අක්ශරේ.අර අපේ ගෙදරට අල්ලපු ගෙදර ඇන්ටිව අවුස්සන ක්රම ටික.ප්රශ්නෙ තියෙන්නෙ කම්මැලියිනෙ. :-(
දිග වැඩිද මංදා comment එක :-\
ReplyDeleteසාතන් නම් වැඩි හරියක් කලේ ගෙදර වහලෙ පැත්තක් වහන් උන්නු පේර අතු දිගේම වහලෙට ගිහින් වැඩිපුර තිබුන පේර ගෙඩි සුද්ධ කරපු එක...
ReplyDeleteමටත් මාර අසයි වහලට නගින්න...අපේ මල්ලිත් ඔය වගේ....වැඩකාරයා වගේ ඉන්නවා...මාර බයයි ඒ වුනාට .
ReplyDeleteහත්තිලව්වෙ පොඩි කමට කොරන දේවල්........ කොන්ද එහෙම කැඩුනනම් මොකෑ කොරන්නෙ..........
ReplyDeleteහෙහ්..හෙහ්..හෙහ්..
ReplyDeleteඅයියෝ ඉශ්වි ගේමට බැස්සනම් ආය ඉතුරු වෙන්නේ නෑනේ... මීයොයි.. සිවිලිමයි.. ගෙදර වහලෙයි..
ReplyDelete@ ළමයා- මොනා උනත් බං කබල් වහලක් තිබිලා තියෙන්නෙ.ඒකනෙ කඩං වැටිලා තියෙන්නෙ.
ReplyDelete@ ඉස්සි- Ratatouille එකේ pic එකක් නේ.දැනුයි දැක්කෙ ඒක.මාර ලස්සන film එකක්.මොනා උනත් ඒ film එක ගැන මතක් කරපු එක හොදයි.ඒකෙන් තව එකක් එකතු උනා.හික්ස්...
@ ItalyDilan - එවෙලේ යන්න හිත දුන්නට මොකද චමි අයියා නහය බිම ඇනන් ඉන්නවා දැකලා මට හිතුනා නොගිය එකමයි හොද කියලා... :D
ReplyDelete@ MaRLaN - ආ.. ඔය කියන විදියට සිවිලිම කඩන් බිමට වැටිලා තියෙන්නෙත් අනාගතේ ගැන හිතලා... අනේ ඇත්තට ඔයා කියනකන් මට ඔහොම එකක් හිතුනේවත් නෑ නෙව.. :P
@ Bunny - අනේ බනීලාගේ තාත්තා හරි හොදයි නේ අප්පා.. ඒකටත් එක්ක අපේ අම්මා.. නගින්න දෙන්නෙම නෑ නේ.. :/
@ සීතල අයියා -කොමෙන්ටුව නම් සෑහෙන දිගයි තමා :P .. අනේ පව් අසරණ මීයා.. එක්කෝ එවෙලේම ඉවරයක් කරලා දාන්න ඕනේ.. දවස් තුනක්ම විදවන්න ඇරියනේ.. ඔහොමත් පලි ගන්නවද මං අහන්නේ මීයෙක්ගෙන් උනත්..
ReplyDeleteඔය ෆිල්ම් එක මම බලලා නෑ අලේ.. නිකන් දැම්මේ ඕක... හිහි.. :D
@ සාතන් - ඒකත් ඉතින් බලන්නකෝ... වහලට නැග්ගා මදිවට පේරත් තියෙනවා.. අපිට පේරත් නෑ වහලට නගින්නත් නෑ.. හරිම අසාධාරනයි... :/
@ සිතුවිලි නිහඬයි - ඒකනේ අක්කේ කියන්නේ.. කොල්ලෝ නිකන් වැඩකාරයෝ වගේ ඉන්නෙ නමට විතරයි.. හෙහේ... :D
මාර ලස්සන film එක.dl කරලා බලන්න.
ReplyDeleteවහලා දැන්වත් හොදට හදලද?
@ කල්හාර දිසානායක -වෙලාවේ හොදකමටද කොහෙද එදා නම් වැඩි තුවාලයක් නෑ.. මීයෙක් කරපු හරියක් !! හෙහේ.. :D
ReplyDelete@ Observer - හිහි... :D
@ චතුවා (ළමයා)- අනේ මම කියන්නේ නෑ ඉතින්.. මට එච්චර හරියක් කරන්න බෑ අලේ.. :P
@ සීතල අයියා - වහලෙන් නෙමේ .. සිවිලිමෙන් කඩන් වැටුනේ.. ඒක කොහොමත් හයිය නෑ නේ :P
මම උගෙන් පලි ගත්තෙ නෑ.ඌට ම'කරි වස උනයි කියලා මං මොනා කරන්නද.මම අහලා තියෙන්නෙ අපිට විතරයි ඒක වස වෙන්නෙ කියලා.මම එහෙම පළි ගන්නෙ නෑ.
ReplyDeleteඅපේ සිවිලිමනම් හයියයි.මොකද දන්නෙ නෑ නේ?