Monday, May 23, 2011

අරුම ලෝකයක්...


විඩාබර දෙනෙත් අඩවන් කරනෙමි..
ලෝකයෙන් මිදී සැනසුම ලබනට..
දෙනෙත් අභියස අඳුරු ලෝකයක්..
හිරු එලිය එන්නැති,
මල් සුවඳ නොදැනෙන...

හදෙහි කෙලවරක...
තනි වුන සිතුවමකට..
ජීවය ගෙන දෙයි..
නවමු ලෝකයක්...

බිය මෙන් සතුටද..
දුක මෙන් පැතුමද...
සිතේ උපදවයි...
අරුම ලෝකයක්...

විටෙක මතකෙට..
ඉගිලී යන්නට..
හිතට තටු දෙයි...
වෙනස් ලෝකයක්...

සියැසින් දුටුවද..
සිතින් විසුවද..
හැබැහින් නොදුටුව..
සිහින ලෝකයක්...

13 comments:

  1. සින්තටික් සිහින

    ReplyDelete
  2. හැබෑ කර ගැනුමට නොහැකි වූ සිහින ලෝකය

    ReplyDelete
  3. සිහින ලෝකයක්
    දෙනෙත් අද්දර
    හිතින් මා සොරාගෙන
    එහි යන්නට හදන..

    ReplyDelete
  4. ඒක ලස්සනයි...

    ReplyDelete
  5. නිරුවත් දැසින් සිහින දෙස බැලීමට කාලය උදාවී ඇත.
    ප‍්‍රමාදය පසු තැවීමට හෙතුවෙ...............

    ReplyDelete
  6. ලස්සනද දන්නැ.. මාත් ලිවා කවියක්..!

    මල් සුවඳ නොදැනෙන...
    හිරු එලිය එන්නැති,
    දෙනෙත් අභියස අඳුරු ලෝකයක්..
    ලෝකයෙන් මිදී සැනසුම ලබනට..
    විඩාබර දෙනෙත් අඩවන් කරනෙමි..


    :D :D

    ReplyDelete
  7. හ්ම්ම්ම් අලුත් ලෝකයක්...

    ReplyDelete
  8. යෞවනය සුන්දර සිහින වලින් නොපිරුනොත් ඒක මහා හිස් බවකින් පිරේවි.සිහිනය සිහිනයක්ම නොවේවා'යි පතමි.

    ReplyDelete
  9. හික් හික් හික්...

    හීනෙන් බය වෙලා... :D :D :D :D

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මාර හීනයක්නෙ..හික්ස්..

    ReplyDelete
  12. දෙන්නටම මක් උනාද?

    ReplyDelete