
නොසිතූ මොහොතක ඔබ මා හැර ගිය..
පාලු අතීතෙක තනිකර සදහට...
සිතුවේ නෑ යලි එවැනිම මොහොතක..
හමු වේ යැයි අපි යන එන මග තොට...
එදා මග බැලුව එනතුරු ඔබ වෙත...
ඒ නෙත් ඇයි අද සඟවනු මා දැක..
අසනට තිබුනත් දස දහසක් පැන..
ඔබ දැක ඇයි සිත නැවතී මේ ලෙස...
පෙර සිතුවම් දැවටෙයි නෙතු අද්දර..
කඳුලු බිඳු පිරෙයි නොදැනිම නෙතු අග..
නොදුටු විලසින් සිතම සිරකර..
නඟමි පියවැල් පාලු මග දිග...
දනිමි හොඳ හැටි අලුත් නොවන වග..
අප හදවත් යලි කිසිම දිනයක..
දුක පමණක් යලි අලුත් වනු ඇත..
බිඳුනු සිතකට තනිය උරුම කර...
ආයෙ බ්ලොග් එක ලියන එක නම් එළැ :D
ReplyDeleteහැබැයි අර නවුම් සුවද ගිහින්.. මට ඉස්සර මේ බ්ලොග් එකට එද්දෙ එහෙම දැනුනා.. :-/
ලස්සනයි.
ReplyDeleteඔයා කාලෙකින් නේද මේ ලියන්නෙ?
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
ReplyDeleteගොඩක් කාලෙකින් අයෙම බ්ලොග් ලියන්න ඇවිත්.. ලස්සනයි කවි පෙල..
ReplyDeleteහික්ස් කොච්චර කාලෙකින්ද ලොකු දෙයක් ආයේ බ්ලොග් එක මතක් උනාට
ReplyDeleteආහ් අපුරු කවි ටික ..හරි ලස්සනයි..
ReplyDeleteනැවත් කරලියට..නේ...ද නංගි..
nice...
ReplyDeleteසෑහෙන්න කාලෙකින් ලස්සන කව් ටිකක් එක්ක ඇවික්...
ReplyDelete