Tuesday, April 26, 2011

ෂෝ එක II ...


කලින් මම අපි ගිය සංගීත සන්දර්ශනේ වට පිටාව කොහොමද කියලා කිව්වානේ.. ඔන්න ඉතින් අපේ කට්ටියත් අර වයින් කරපු බෝනික්කෝ වගේ අමුතු අමුතු නැටුම් නටන අය අස්සෙන් අස්සෙන් රිංගගෙන ටිකක් ඉස්සරහට පැන ගත්තේ හොදට ගායකයින්ව හෙම පේන හින්දා..අපේ කට්ටිය කිව්වාට ගියේ කවුරු කවුරුද කිව්වෙත් නෑ නේ.. මායි, හිතුවක්කාරියි,අපේ අම්මායි තාත්තායි,අක්කයි මස්සිනයි.. ඒගොල්ලන්ගේ තව යාලු කපල් එකකුයි තමා ඔන්න එදා අපිත් එක්ක උන්නේ.. අහ් ඕනම කෙනා අමතක උනානේ.. තව අපේ නෑදෑ වෙන අයියා කෙනෙකුත් උන්නා.. අනේ අසරණයා පව් අප්පා හිතුවක්කාරිට ෆුල් ට්‍රයි එක..ඒත් ඉතින් අවාසනාවට මොනා කරන්නද, මොන විදියෙන් කිව්වත් අපේ හිතුවක්කාරි නෙමේ කොලුවට කැමති උනේ...දැන් ඉතින් කට්ටිය ඉස්සරහට වෙලා හිටගෙන වේදිකාව දිහා බලන් ඉන්නවා, මුලින් ඉතින් ටිකක් සාමාන්‍ය වේගවත් නැති සිංදු ටිකක් කිය කිය සංගීත කණ්ඩායමත් වෙලාව ඇර ඇර උන්නා.. මේ අතරවාරේ තමා ඊලග බාල්දිය පෙරලුනේ..

මමයි හිතුවක්කාරියිත් ඉතින් එවෙලේ කරන්න වෙන වැඩකුත් නැති හින්දා වටේ පිටේ ඉන්න උදවිය ගැන හෙම පොඩි කතාවක් දාන් ඉන්නවා.. මෙන්න බොලේ හිතපුවත් නැති විදියට පැන්නේ නැතැයි මාධ්‍ය අපි මැදට.. මාධ්‍ය කිව්වාට මොකෝ ඒක මේ ඉතාලියේ ඉන්න සිංහලයෝ ටිකක් එක්කහු වෙලා කරන පොඩි චැනල් එකක්.. ඇත්තම කියනවා නම් ඉතින් ඒක බලනකොට මරු සලිතේ හැදෙනවා.. වෙලාවකට සද්දේ නෑ, වෙලාවකට රූප නෑ.. මොකක් හරි අවුලක්...
වටපිට බල බල ඉදලා ඉස්සරහ බලනකොටම මෙන්න නහයේ ගෑවෙන්න ඔන්න මෙන්න දිග මයික් එකකුත් අල්ලන් නිවේදිකාවක්.. හපෝයි.. මගෙ දෙපැත්තේ උන්න හිතුවක්කාරිටයි අපේ අක්කාටයි වෙච්ච දෙයක් නෑ....මම එතන අසරණ උන හැටි දන්නේ මං විතරයි..
නිවේදිකාව : "ඔයාලට මේ වගේ අවස්තාවක් ගැන මොනාද හිතෙන්නේ?? "
අහ් දැන් ඉතින් කියපියව්කෝ.. මටත් වෙන වැඩ...
මම : " ම්ම්ම්ම්... අපිට හරි සංතෝසයි මේ වගේ අවස්තාවක් අපිටත් ලැබෙන එක ගැන.. හැමදාම නෑනේ.."
බය වෙලා වගේ මූණට කැමරාව එල්ල කරන් උන්න කැමරාකාරයා දිහාව බලලා මවාගත්ත හිනාවකුත් එක්ක මං කිව්වේ ඔන්න ඔහොමයි.. වචන අමුනලා එහෙම කියලා චාටර් නොවී ඒ වැඩේත් කොහොම හරි ඉවර කරගත්තා.. දාලා ගියා මදිවට තව හිනාවෙන්නත් එන අර දෙක ගැන ඇති උන තරහ කියන්න ඕනේ නෑ නෙ.. ඒ දෙන්නවත් හොද හැටි මතක් කර කර ඉන්නකොට තමයි කනට ඇහෙද්දිත් නිකන් නැටවෙන වගේ හොද වේග රිද්ම සිංදු ටිකක් කියන්න පටන් ගත්තේ.. එකටම අඩිය ටිකක් පොලොවේ හප්ප හප්ප උන්නට මොකද සිංදුවෙන් සිංදුවට නිකන්ම නැටවෙනවා වගේ..හිතුවක්කාරිත් මගේ අතේ එල්ලිලා නලිය නලිය උන්නේ නටා ගන්න බැරිකමට..

"අපරාදේ ඉශ්වියෝ හොදම සිංදු ටික නිකන්ම අපතේ යනවා.. අනේ... " එතන ඉදන් හිතුවක්කාරිගේ එකම ආන්දෝලනයයි...එහෙම ඉදලා නම් හරි යන්නේ නැති වග මටත් තේරිලයි තිබුනේ..මෙතන පොල් ගස් වගේ හිටන් ඉන්නයැ ආවේ..අන්න අරහේ අපේ වයසට වගේම ගැටිස්සියෝ ටිකක් අම්බානෙක නටනවාත් එක්ක..මෙහෙ ඉතින් ඔය වගේ තැනක ගිහින් නැටුවයි කියලා කිසිම අවුලක් නෑ.. එක වචනයක් කියන්න කවුරුත් නෑ.. මොකද ඒ වගේ වෙලාවට කට්ටියම එකතු වෙලා නටන හින්දා..ලංකාවෙනේ ඉතින් එහෙම ප්‍රශ්න.. එව්වා නම් මෙහේ නෑ ඕං...ටික වෙලාවක් යද්දි අපේ කට්ටියටත් පණ ඒගන එනවා,, එකටම නටන්න ගත්තේ අපේ නෑදෑ වෙනවයි කිව්ව අයියා..ඔන්න ඊලගට එක එකාව ඇදලා ගන්නත් පටන් ගත්තා.. අපිත් ඉතින් බෑ වගේ මූණක් දාන් උන්නට මොකද චාන්ස් එක එනකන් තමයි බලන් උන්නේ..

අහ් මෙන්න.. හිතුවක්කාරිට පොඩි තට්ටුවයි දුන්නේ නටනවා නේද වයින් කරලා තිබ්බා වගේ..මටත් මොකද එහෙනම් මාත් නටනවා කියලා ඇදන් උන්න ජැකට් එක ගලවලා ඉදගන උන්න අම්මලාට දීලා කට්ටිය මැදට පැන්නේ නටාගෙනමයි...අනේ අම්මපා.. කලින් සංගීතයක් නොදැක්කට මොකද හිතුවක්කාරි හරියට තිබ්බ එව්වා සේරම බලපු එකා වගේනේ නටන්නේ...එක හුස්මට ශලාවේ උන්න සේරමත් ලොකු පොඩි භේද නැතුව නටද්දි බලන් ඉන්නත් ආසයි.. ඇන්ටිලා කෙසේ වෙතත් අන්කල්ලා නම් කට්ටියම මදි නොකියන්න නටනවා...එක එක අයට ආවේණික ජාති ජාති නැටුම්.. බෝට්ටු පදින අයද,මල් නෙලන අයද, බෙද බෙද දුවන අයද, පොලව බදාගත්තු අයද , බඩගාන අයද, ඉගිල්ලෙන්න හදන අයගෙන්ද මුලු ශාලාවම පිරිලා තියෙන හැටි මතක් වෙද්දිත් හිනා..එක එක නැටුම් රසවිදින ගමන් මගෙ ඇහැ ගැටුනේ අපිට එහා උන්න පොඩි කොලුවෙකුට.. පොඩි කිව්වට ඉතින් ඒකගේ ඇති පොඩියක් නෑ.. ටිකක් කලුයි හැබැයි.. කලු උනාට ඒ දැකුම් කලු..ටිකක් ටිකක් අපේ පැත්ත බලනවා වගෙත් තේරුනා.. ඒත් අර පාට පාට ලයිට් අස්සේ කොහේ බලනවද හරියටම හොයන්නත් බෑ...
" ඒ නිම්ශෝ.. අර බලනවා.. අතන ඉන්න කොලුවා කලු උනාට හැන්ඩි නේ " මාත් ඉතින් ලෝබ නැතුව කිව්වේ මොනා උනත් ඉතින් ඇත්ත කියන්න එපෑනේ.. ඒක හින්ද..අම්මා.. එතකොටම හිතුවක්කාරිගේ මූණෙ දිස් උන එලියයි හිනාවයි නම් මට කොහොමත් ඇල්ලුවේ නෑ..
" මේ එයා මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුවනේ.. අලේ ඔය ඇත්තමද කියන්නේ.. ඔයාටත් ලස්සනද?? මං කලින් කිව්වේ නැත්තේ කලු හින්ද උඹ කැතයි කියයි කියලා"
මට බැරි නම් යාලුවට හරි මොකෝ කියලා " ඇහ් ඉතින්.. දුන්නද ?? 0.O "
" පිස්සුද තාම නෑ.. ඒක අහපු කැත විතරක්..අනේ මේ ඔව්ව දෙන්න ගිහින් ආයේ දන්නවනේ.. අනේ අම්මෙහ් " ඒ හිතුවක්කාරි..
" හ්ම්ම්... මොනා උනත් ලස්සනයි හැබැයි " මටත් ඉතින් කට තියන් ඉන්න බෑනේ.. එහෙම කියලා පොඩ්ඩක් අපේ හිතුවක්කාරිව අවුස්සලා තිබ්බා ඔං... අපි නටන වැඩෙත් දිගටම කරගෙන යන ගමන් ඔහොම පොඩි කතාවකුත් දාගෙන උන්නා.. හැබැයි අර කොලුවා නම් අතාරින පාටක් නෑ.. මට දර්ශනය හරියටම පේන්නෙත් නෑ.. මොකද මං හිටියේ ඒ කට්ටියට පිටුපාලා... ඒ කට්ටියට පිටුපාලා හිටියා උනාට අපේ හිතුවක්කාරිගේ මූණ නම් මට හොදට දිස් වෙනවා..හහ්.. බලන්නේම ඒ පැත්ත.. මෙන්න බොලේ.. හිනාත් වෙනවා...අපිට හොරෙන් නම් ඔව්වා බොරු ඉතින්... මමත් හොදට හිතුවක්කාරිගේ මූණ දිහාවට ඇහැ ගහගෙනම උන්නේ ඒක හින්දමයි...

16 comments:

  1. ඉවරද ? තව තියෙනවද ?

    ReplyDelete
  2. හෙහෙ මරු ටැග් එක කචල් හීන..

    ReplyDelete
  3. එල එල... හිතුවක්කාරිව මඩ වලින් නාවන්න ‍වගේ යන්නෙ.. :)

    ReplyDelete
  4. මට මතක් වෙන්නේ ...
    දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා
    වසන්කරන සිත මුහුණේ ලියවෙනවා
    නංගිගෙ පාමුල ඉර හඳ තියලා
    ආදර හිත ලග කවුරුද මුවාවුනේ.......!!!

    ReplyDelete
  5. නිධාන කතාවක්ද මන්දා :D

    ReplyDelete
  6. අහිංසක හිතුවක්කාරිට අඹ සරණය.....

    ReplyDelete
  7. හරේ........... හිතුවක්කාර් ඉවරා...යියියි!!!!!! :D :D :D

    ReplyDelete
  8. @ Bunny- අපෝයි.. තාම ඉවර නෑ... තව හොදම හරියට ආවෙවත් නෑනේ... :D

    @ ගයාන් තාරක- හිහි... හොදයි නේ.. කතාවටම ගැලපෙන හින්ද දැම්මේ... ;)

    @ සාතන්- බලමුකෝ... ඉස්සරහට මොකද වෙන්නේ කියලා... :D

    ReplyDelete
  9. @ pusseela- හාපෝ... එහෙම හිතන්න එපා.. මං කිව්වේ ලස්සනයි කියලා විතරනේ අප්පා...

    @ අනුරාධ - හෙහේ.... ;)

    @ චේ උන්නැහේ..- ආ... එහෙම කියන්න එපා... මේක ලියන්නේ ඇයගේ සම්පූර්ණ අනුමැතිය ඇතුව බව කරුණාවෙන් සලකන්න... hehe :P

    @ චතුවා (ළමයා) - පටන් ගද්දිම ඉවරයි වගේද පේන්නේ... අප්පේ තව ඉස්සරහට මොනා උනා කියයිද දන්නේ නෑ... හෙහේ... :D

    ReplyDelete
  10. මම දැකපු දෙයක් තමා මියුසිකල් ශෝ එක්කදී වලියට හේතුව බීමත්කම සහ කාන්තාවක්...බලමු මෙයාලගේ කේස් එක වලියකින් ඉවර උන එකක්ද කියලා

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හිහ්...හිහ්... හිතුවක්කාරිගෙන් ගුටි කන්න වගේ ලෑස්තිය... :D

    ReplyDelete
  13. ආහ්...කොලුවා කලු උනාට දැකුම්කලු නම් තමයි... අප්පේ එකා දැකුම් කලු කෙසේවේතත් මාරක අපලයක් උනේ....කොහොම උනත් කතාව නම් ගලපනවා නේද ඉශ්වියේ අකුරක් නැර... මඩක්දෝ මන්දා කියනවත් වගේ... :D

    ReplyDelete
  14. @ ItalyDilan - අම්මේ.. මේකටත් මදි නොකියන්න එව්වා තියෙනවා... හැබැයි දරුණු නෑ ඉතින්.. බලමුකෝ... :D

    @ කොට ජීවිතේ - අනේ අප්පේ එයාගෙන් මං ගුටි කද්දි බැරිය... හෙහේ... ;)

    @ නිම්ශා - එහෙම තමා මොනා හරි මග ඇරුනොත් හොද නෑනේ ඉතින් නේ... ;) එවෙලෙට හරි දැකුම්කලු උනා මදැයි.. අප්පේ මතක් වෙද්දිත් හිනා... හෙහේ... :D

    ReplyDelete
  15. මේකනම් නියම කතාවක් ... මම අදයි සෙට් උනේ මේක බලන්න .හිතුවක්කාරිගේ ගෙවල් ගාව කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද ? තව කොටසක් තියනව නේද ?

    ReplyDelete
  16. අලේ මේ සදරු අයියාත් ඇවිත් ඉන්නේ මේ පැත්තේ... ඒකනේ කියන්නේ.. ඔව් ඔව් හොදම හරිය තව ඉස්සරහට... :)

    ReplyDelete