
අම්මේ සෑහෙන කාලයක් බ්ලොග් එකක් හැදිල්ල පස්සට දදා ඉදලා ඔන්න අද අන්තිමට මාත් මටම කියල බ්ලොග් එකක් හදා ගත්තා.. මගෙම කියලා බ්ලොග් එකක් කරන එක මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙමේ... ඒකත් අහඹුවක්... සේරටම ඉස්සර වෙලා මං මතක් කරන්න ඕනේ මගේ හොදම යාලුවව..එයා හින්ද තමා මං අද මගේම බ්ලොග් එකකුත් එක්ක මෙතන ඉන්නේ..ගොඩක් වෙලාවට මං පොඩි පොඩි කවි ලියලා මූණු පොතේ හෙම දාද්දි එයා කිව්වෙම ඔයත් බ්ලොග් එකක් පටන් ගන්න කියලම තමයි...තවත් ගොඩාක් කට්ටිය කියල කියලාම ඔන්න මමත් ඉතින් පටන් ගත්තා ලියන්න...
දැන් ඉතින් මං ගැන පොඩි විස්තරයක් කියන්නම්කො... මම ඉශ්වි..මේ දවස් වල මගෙ පදිංචිය ඉතාලියේ...ඉතාලිය ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ..මට නම් ඊට වඩා ලංකාව දහස් ගුණේකින් හොදයි.. මෙහෙ ජීවිතේ ලංකාවෙ ජීවිතේට වඩා ගොඩක් වෙනස්..සෑහෙන නිදහස්.. ඒකට හැඩ ගැහෙන අයත් ඉන්නවා, ඒත් අවුරුදු තුනක්ම මෙහෙ ඉදලත් මම ඒ විදියට හැඩ නොගැහුනේ මොකද මන්දා.. මම තාමත් කැමති කලබල නැති ලංකාවෙ ජීවිතේට.. ගොඩක් අදුරන අය ඉන්න යාලුවො ඉන්න තමන්ගෙම රටක ඉන්න එකේ අගේ තේරෙන්න පිට රටකට ඇවිත්ම බලන්න ඕනේ..
ම්ම්ම්... මම ගැන නම් ඉතින් කියන්න තරම් විශේෂෙකුත් නෑ...අනිත් අය වගේම සාමන්ය, විහිලු තේරෙන,ඕනාවට වඩා හිතන්නේ නැති, සැහැල්ලු ප්‍රශ්න නැති ජීවිතේකට ආස කරන කෙනෙක්.. අනිත් අයත් ඉතින් එහෙමනේ.. අඩු තරමෙ මං එහෙම හිතනවා.. හෙහේ.... :)
ඉස්සරහට තවත් දෙවල් ලියන්න බලාපොරොත්තු වෙනවා.. කියවන එක නම් ඉතින් ඔයාලගෙ අතේ තමයි.. !!
ඉශ්වී..... සුබ පැතුම් අලුතින් පටන්ගත්තු ඔයාගේම බ්ලොග් එකට.. දිගටම ලස්සනට ලියන්නෝනි.. අපි එනවා කියවන්න.. :)
ReplyDeleteඅලේ.... අලුත් බ්ලොග්කාරිට උණුසුම් සුබපැතුම්..... දිගටම ලියන්ට ඕනා..... :) :)
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්.... දිගු ගමනක් යන්න හැකිවේවා....
ReplyDelete@ චතුවා (ළමයා) -හිහි.. එහෙමයි සර්... ගොඩාක් ස්තූතියි !!
ReplyDelete@ චේ උන්නැහේ. - ගොඩා...ක් ස්තුතියි... :)
@ ඔයයිමමයි - ස්තූතියි කරපු ප්‍රාර්ථනාවට ... :)
ඔන්න බ්ලොග් අවකාශේ දීර්ග කාලයක් රැදෙන්න ලැබේවා!!!
ReplyDeletesaaaadu saaaaadu saaaaaaaaa....:D:D:D pagawa ona :D:D:D
ReplyDeleteඔන්න කෙල්ලේ උණුසුම් නැතත් සුබ පැතුම්.....දැන් ඉතින් ලියන්න තියෙන්නේ.... :) ..
ReplyDeleteමේ මචං ග්‍රැමර් වැරදි හදා ගනින් හරියේ :-D
ReplyDeleteජය වේවා..!
ඔන්න මගෙනුත් සුබ පෑතුම්!!! දිගටම ලියන්න එහෙනම් :)
ReplyDeleteඅලේ මෙන්න මෙයා blog එකක් පටන් අරං.හොදයි හොදයි.හදවතින්ම සුබ පතනවා.දිගටම ලියන්නකො.අපි ඉන්නවා කියවන්න.
ReplyDeleteඅනේ අම්මේ මේ ඉන්නෙ.. දැන් සතුටුද?? දැන් නම් මගෙ පොස්ට් @ @ ItalyDilan -එකක් දකිද්දි තරහක් එන එකක් නෑ මගෙ හිතේ.. ගොඩා....ක් ස්තූතියි !! :D
ReplyDelete@ maniyaa- හාපෝ මෙහෙමත් යාලුවො.. ඔහොමත් පගාව ඉල්ලනවද මං අහන්නේ... :P
@ නිම්ශා - ගොඩාක් තෑන්ක්ස් මෙයා... ඔයා හින්ද තමා මේ සේරම.. උම්මා.... :*
හිහි.. ග්‍රැමර් වැරදි කිව්වේ සාමන්ය ලියපු විදියටද?? අලේ ඒක කොහොමද ලියන්නෙ දන්නේ නෑ නේ... :/ ස්තූතියි බනී!!
ReplyDeleteස්තූතියි නදී අක්කේ.. :)
@ සීතල අයියා - ඔව් ඔව් අපිත් පටන් ගත්තා ඔන්න... ගොඩාක් ස්තූතියි.. එහෙම තමා ඉන්න ඕනේ.. හෙහේ.. :D
සංක‍්‍රාන්තික කලියුගයේ
ReplyDeleteහෙල්ලුම් කන සමාජයෙ
මොහෝතකට සැපලෙසට පෙනෙනා
මිරිගුවෙහි මායාව පමනා
එනමුත්.........
දිවියට හීනයත්
හිනයට දිවියත්
අවැසි බව හගිමි
කුහුල සොදුරු දිවියේ
නව නිමයුමක් කරාවි
එසෙහෙයින්......
හීන කතන්දර තවත්
හීනයක් නොවෙවායි
සුබපතමි......!!!
මුල්ම එකටත් කොමෙන්ටුවක් දැම්මේ නැත්තං හරි නැහැ නෙව...
ReplyDeleteඑහෙනං හොඳ ආරම්භයක් ගනිමු.
ආ සාමාන්‍ය කියලා ලියන්නේ සාමාන්‍ය විදියට...
යන්සය තියෙනවා Shift+H වල
සුබ පැතුම්...දිගටම ලියන්න.....
ReplyDelete