
"හ්ම්ම්ම්.... දුව දන්නවාද මම දුවලාගේ තාත්තා එක්ක එනකොට මට මගේය කියලා තිබුනේ ඇදන් උන්න වස්තරේ විතරයි... දුවගේ ආච්චි අම්මා මැරෙනකොට මට අවුරුදු දොලහක් දහතුනක් ඇති...ලොකු තාත්තා එක්ක මං තනි උනාම ගෙදර පන්නෙ පදවිය මට පුරුද්දකට ගියේ ඉබේමයි.. කන්න බොන්න අඩුවක් නොකලත් ඉස්තරම් විදියට අදින්න පලදින්න දෙන්න දූගේ ලොකු තාත්තාට වත්කමක් තිබුනේ නෑ.. හරිම දුප්පත් විදියට වගේම බොහෝම අරපිරිමැස්මෙන් තමයි අපි ජීවත් උනේ.. ඒ මොනවා උනත් තාත්තා කෙනෙකුට අමාරුයි නැති උන අම්මා කෙනෙකුගේ ආදරය දරුවෙක්ට දෙන්න.. ගොඩක් වෙලාවට දූගේ ලොකු තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවම තේ එකේ ඉදන්ම ලඟට ගිහින් දුන්නාට වැඩි කතාබහක් හෙම නෑ...කෑවද බිව්වද ඇරෙන්න අම්මා කෙනෙක් වගේ දුවකගේ දේවල් හොයා බලන්න තාත්තලාට දැනුමක් නෑ..ඔය විදියට බොහෝම හුදකලා ජීවිතයක් ගත කරද්දි තමයි මට දූගේ තාත්තාව හම්බ උනේ.. එයාත් එක්ක ආවයින් පස්සේ තමා මම සැපක් වින්දේ.. ඒකට මම දුවගේ තාත්තාට ණයගැතියි.. මම කවදත් ඒ මනුස්සයාට ගරු කරන්නේ ඒ නිසා..වැඩිම කාලයක් ගෙදරින් පිට ගත කලා උනාට දූගේ තාත්තා මට කිසිම අඩුපාඩුවක් කරේ නෑ..ඒත් අවාසනාවට පින දෙන්න බෑ කියනවානේ..ටික කාලයක් යනකොට තාත්තා මගෙන් ඈත් වෙන්න ගත්තා..අපි අතර ගොඩක් ප්රශ්න ඇති උනේ නොහිතපු විදියට.. එතකොට දුව අපිත් එක්ක නෑ.. ඒ හැම විරසක කමටම හේතුව උනේ මම.. හැමදේම උනේ මගේ වරදින්.. මම ඒ තරම්ම කාලකන්නි ගෑණියක්... විදවලා විදවලා අන්තිමට ලැබුන සැප විදින්න තරම් මං පින් කරල නැතුව ඇති.."
මගේ අත හයියෙන් අල්ලලා තද කරගන්න ගමන් අම්මා අඩන්න පටන් ගත්තේ මම කවදාවත් නොදැකපු විදියට..මට මේ කිසි දෙයක් අගක් මුලක් අමුන ගන්නවා තියා කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ගොලු වෙලා උන්නේ ප්රශ්න ගොඩාක් මැද...
"අනේ අම්මේ ඇයි මේ..." ඇගේ දෙනෙතින් වැටෙන කදුලු මට පුරුදු දෙයක් උනේ නෑ ..දැවීගෙන ආපු කදුලු බිදුවකින් මගේද ඇස් තෙත් උනේ මටත් නොදැනිමයි..
" ඔව් මගේ දුවේ මං ගිය ආත්මේ ඒ තරම්ම පව් කරපු ගෑනියක් වෙන්න ඇති..මට එච්චර සැපක් , ජීවිතේට නොදැනුන නිදහසක් ලබා දුන්න ඒ මනුස්සයාට කළගුණ සලකනවා තියා මගේම පවුල වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි වෙච්ච එක ගැන මට අදටත් මං ගැන ඇති වෙන්නෙ තරහක්..කොයි තරම් දෙයියන්ට කියන්න ඇතිද මගෙ දුක.. ඒත් මට වාසනාව තිබුනේ නෑ.. තමන්ගෙයි කියලා කුසෙන් වදපු දරුවෙකුගේ හුරතල් බලන්න මට වාසනාව තිබුනේ නෑ දූ.. "
පපුව හිරකරගෙන ආපු දුකකුත් එක්ක මට හිතුනේ කෑ ගහලා අඩන්න..දෙයියනේ එතකොට මං.. ??
" අම්මේ ඔයා මොනවාද මේ කියන්නේ.. මට මේ මොකුත් තේරෙන්නෙ නෑ දෙයියනේ.. "
" ඔව් දුව ඔයා වගේ ලස්සන පුංචි දරුවෙකුගේ අම්මා වෙන්න මට වාසනාව තිබුනේ නෑ..ඒත් මම ඔයාගෙම අම්මා නොවුනට ඒ ඔයාගෙම තාත්තා.. ගෙදරින් පිට ඇති වෙච්ච සම්බන්ධයක් නිසා තමයි අද ඔයා මං ගාව ඉන්නේ..ඔයාගේ තාත්තා හැමදාමත් කෙලින් කතා කරපු මනුස්සයෙක්.. කවදාවත් මට මොකුත් හැංගුවේ නෑ.. අඩු තරමේ මේ දේ උනත්.. එයාට වචනයක්වත් කියන්න මට පුලුවන් කමක් තිබුනේ නෑ...
ඔයාහේ අම්මා මට තවමත් මතකයි.. මම වගේම හරිම දුප්පත්..ඔයා වගේම ලස්සනයි.. ඒත් ඔයා වගේ අහිංසක පුංචි දරුවෙක්ව ප්රතික්ෂේප කරන්න හේතුව මට අදටත් තේරෙන්නේ නෑ..ඔයාගේ අම්මා වාසනාව තිබිලාත් ඒකට පයින් ගහද්දි මට මං ගැන ඇති උනේ දුකක්..මම ඔයාගේ තාත්තාගෙන් එක එල්ලේම ඉල්ලලා උන්නේ ඔයාව..හදා ගත්ත දරුවෙකුට හරි අම්මා කෙනෙක් වෙන්න මගේ හිතේ තිබුනේ ලොකූ ආසාවක්..ඔයාව පලවෙනි දවසෙම දැක්කාම මම ඔයාව අතට ගත්තේ හොද අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුව ඇතුව...පාලුවට ගිහින් තිබුන ගෙදරට එලියක් වැටුනේ දුව ආවයින් පස්සේ..හැමදේම වෙනස් උනා.. දවසින් දවස දුව මට ලං වෙනකොට හිතට දැනුනේ සැනසීමක්..මට පලවෙනියටම අම්මා කියලා දූ කතා කරපු දවස මට තාමත් අද වගේ මතකයි..මම දුව වැදූ අම්මා නොවුනාට එදා මගේ හිතට දැනුන මගේය කියන කමට හැදූ වැදූ වෙනසක් දැනුනේ නෑ...දුවත් එක්ක මං සතුටින් ඉන්නවා බලලා තාත්තාගේ හිතේ තිබුන සතුටත් හංගන්න බැරි උනා.. හැමදේම අමතක කරලා අපි දුවත් එක්ක සතුටින් ඉන්න උත්සහ කලත් ඒ උත්සහය වැඩිකල් යන්න ඉස්සරම අසාර්ථක උනේ දුව තාත්තාගෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගත්තාම..මටත් වඩා දුව ගැන අයිතියක් තිබුනේ දූගේ තාත්තාට, ඒත් පුංචි කාලේ ඉදන්ම දුව හැදුනේ මාත් එක්ක..දුවව මගෙන් ඈත් කරන්න කාටත් පුලුවන් කමක් තිබුනේ නෑ..මම එහෙම වෙන්න කවදාවත් ඉඩ දුන්නෙත් නෑ.. මම හිතනවා මම හරි ඇති කියලා.. බලන් ඉන්න කෙනෙක්ට කියන්න පුලුවන් මම ආත්මාර්ථකාමී උනාය කියලා.ඒත් දුව මම ජීවත් උනෙත් මගෙ දුව වෙනුවෙන් විතරයි.. මට ජීවත් වෙන්න හේතුවක් හදා දුන්නේ මගෙ දුව.. මට ඒක නැති කරගන්න තරම් ශක්තියක් තිබුනේ නෑ දුව..ඔයාගේ තාත්තාට පවා පිටුපාන්න සිද්ධ උනේ ඒ හේතුව නිසා..පුංචි කාලේ ඔයාව එපායි කියල අහකට දාපු ඔයාගේ අම්මාට අවුරුදු ගානකට පස්සේ උනත් ඔයා ගැන ඕනා කමක් ඇති වෙන්නේ කොහොමද දුව.. ඒක එහෙම වෙන්න බෑ .. ඔයාව මම හැදුවේ මලක් වගේ.. මම කොහොමද හිත හදාගෙන ඔයාව වෙන කෙනෙක්ට බාර දෙන්නේ.. මට ඒ දේ කරන්න බෑ දුව...ඒක නිසා ඔයාගේ තාත්තා මාවයි ඔයාවයි තනි කරලා ගියා ඔයාගෙම අම්මා ලඟට..එවෙලේ මගේ එකම ශක්තිය බලාපොරොත්තුව උනේ දුව..
මම දන්නවා දුව මෙච්චර කල් මම ගොඩාක් ආත්මාර්ථකාමි උනා.. ඒ වෙන මොකකටවත් නෙමේ ඔයාට තිබුන ආදරේ හින්දා..ඒත් දුව දැන් ලොකුයි.. හරි තීරණයක් ගන්න ඔයාට පුලුවන් කම තියෙනවා.. මම දුවට මේ දේවල් ගැන කිව්වේ හිතේ තියන් දුක් වෙන්න බැරි නිසා.. වෙලාවකට මට මං ගැනම වැරදිකාරියක් හැටියට හිතුන නිසා..දුවට හැමදාම මං ආදරේ අඩුවක් කරේ නෑ.. මට මගේම කියල ඉන්න එකම දූ ඔයා "
මගේ කනට ඇහෙන මේ වචන මම කවදාවත් බලාපොරොත්තුවෙන් උන්න දේවල් නෙමේ..හිත ගොඩාක් රිදුනා..ඒත් අම්මා ගැන මට ඇති වෙන්නේ දුකක්,, වැදූ අම්මා නොවුනත් මට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව.. මුලු ජීවිතේම මං කරගත්තු මේ ගැහැණිය ගැන මට ඇති වෙන්නේ ගෞරවයක්...තමන්ගේම ලේ වෙලත් මගෙම තාත්තාට මං ගැන නැති කැක්කුමක් ඇයට ඇති උනේ කොහොමද කියන එක පුදුමයක්..
" අම්මේ ඔයා මට කිසිම දවසක කිසිම දේකින් වෙනසක් කරලා නෑ.. හැමදාම මං ලඟින්ම උන්නා.. එහෙව් එකේ අම්මා කොහොමද හිතුවේ මම මොන ඇත්ත දැනගත්තත් අම්මාව දාලා යයි කියලා.. නෑ අම්මේ නෑ.. මට ඕනේ නෑ මගෙ ඇත්ත අම්මා කවුද කියලා දැනගන්නවත්..මොකද මම දන්න දවසේ ඉදන් මගේ අම්මා ඔයා.. ඔයා විතරමයි.. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ අම්මේ..ඔයා අවංකයි..එහෙම කෙනෙක් කවදාවත් අවාසනාවන්ත වෙන්නෙ නෑ.. එහෙම හිතන්නවත් එපා.. " එවෙලේ අම්මාගේ මූණේ නැගුන හීන් හිනාවට මම හැමදාමත් ආදරෙයි..
" ඔව් .. මගේ දුව දැන් ලොකු වෙලා.. බලහල්ලාකෝ මටත් අවවාද දෙන හැටි " .. එසේ කියමින් හිස මත යැවූ දෑගිලි මට නුපුරුදු දෙයක් නෙමේ....
වදපු අම්මාට වඩා හදපු අම්මයි වටින්නේ..හදපු අම්මා කිරි නො එරුනත් දුන්න රැකවරනය අමතක කරන්න බැහ... හැමෝටම අම්මා කියන් බැ..එකට පින් කරපු එක හිතින්ම ආපු අම්මලා ඉන්නව... දස මසක් කුසේ තියන් ඉදලා වමනේ ගොඩක් වගේ එලියට දාලා අත හොදන් යන අම්මලා අතරේ කුසෙන් ඉපදුන් නැතත් ජිවිතේම කැප කරලා ආදරේ කරන අම්මයි වටින්නේ..එහෙව් අම්මලයි ඉන්න ඕනා... ප්රසව වේදනාව මම අහලා තියෙනවා ගැනියෙක් විදින දරුණුම වෙදනාවක් කියලා..නමුත් ඉපදුනු දා ඉදන්ම හැම කැත කුණක්ම අත පත ගාලා ආදරේ දෙන අම්මේක් ට විතරයි පපුවෙන්ම අම්මා කියන්න පුලුවන්..අම්ම කියලා කියන්න හරිම අමරුඉයි...හොදටම දන්නවා එහෙම කියන්න බැහැ දරුවෙක් මව් සෙනෙහස නොදුන් කෙනෙකුට,
ReplyDeleteනියමයි... නියමෙටම නියමයි...
ReplyDeleteකතාව ලස්සනට යනවා නියමයි
ReplyDeleteදරුවකු බිහිකල පමණින් මව්ක් නොවෙ
ReplyDeleteමෛත්රිය. කරුණාව. මුදිතාව. හා උපෙක්ෂාදි ගුණයෙන් යුතු අයම මව්වරු නම් වෙත්
දන්නවද? මොකක් හරි කියවන් යද්දි ඒක මගේ හිතට තදින්ම වදිනවනම් මගේ මුලු ඇගම හිරි වැටිලා යනවා වගේ වෙනවා. ඒක හරියට වොට් 33000 කරන්ට් එකක් දෙපතුලෙන් පටන් අරගෙන හදවත හරහා හිස් මුදුනටම ගමන් කරනවා වගේ දෙයක්. ගොඩක් වෙලාවට මට ඒ හැගීම එන්නෙ ලිපියක උච්චතම හරියෙදි. නමුත් අද මේ ලිපිය කියවද්දි මට ලිපිය පුරාවටම ඒ හැගීම දැනුනා.
ReplyDeleteමන් හිතන්නේ මේක මේතරම් සංවේදි වෙන්න එක හේතුවක් ඔයා කතාව ගොඩනගපු ආකාරය. මේක අවස්තා සම්බන්දයක් එක්ක සියලු සිදුවීම් එක එක පෙලගැස්සුවනම් මේ තරම්ම රසයක් ගෙන දෙන එකක් නෑ. නමුත් අපි අද මේක කියවන්නෙ එක අම්මා කෙනෙක්ගෙ වචන් වලින්. ඒතනදි කතාවේ දුවගේ චරිතය කියවන්නාට ආරුඩ වෙනවා. අපිට කතාව තුල ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඔයාගෙ තෝරා ගැනීම කදිමයි නංගී.
mata awl halo meka kiyola :(:(:(
ReplyDelete@ නිම්ශා - ඔයාගේ කතාව ඇත්ත නිම්ෂා.. අත්දැකීමෙන් නොවුනත් මේ වගේ සිද්ධියක් අපේ පැත්තේ උන්න කෙනෙකුට වෙලා තියෙනවා කියලා දන්නවා.. මම ඒ කතාව ටිකක් වෙනස් කරලා ලිව්වේ..හැබැයි ඒ සිද්ධිය නම් මේ වගේ නෙමේ.. ගොඩාක් දුක හිතෙනවා..ඒ දුව ගැන ඒ අම්මා කොච්චර නම් බලාපොරොත්තු තියා ගන්න ඇද්ද..අන්තිමට සේරටම පිටුපාලා හිතුවක්කාර තීරණයක් ගත්තා.. අදටත් දුව ගැන කියද්දි ඒ අම්මාගේ ඇස් වල කදුලු... :/
ReplyDelete@ සාතන් - ගොඩාක් ස්තූතියි...
@ ItalyDilan - ගොඩාක් ස්තූතියි...
@ pusseela - හ්ම්ම්... ඇත්ත.. දරුවෝ බිහි කරන සේරටම අම්මා කියන්න බෑ.. ඉපදුන ගමන් කුනු කූඩෙට දාලා යන අයට අම්මලා කිව්වොත්.. දරුවන්ව ඉපදුන දා ඉදන්ම ආදරෙන් බලාගත්ත අම්මලාට කරන අගෞරවයක්...
ReplyDelete@ අනුරාධ - ගොඩාක් ස්තූතියි අයියේ.. මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවකින් හරි හිත ශක්තිමත් කරන එක ලොකු දෙයක්... :)
@ maniyaa - මේ වගේ දේවලුත් ලෝකේ සිද්ධ වෙනවානේ.. හැමදේටම සතුටු වෙන්න අමාරුයි... :)
හම්මියෝ දැන් දැක්කෙ මේ කතාව..
ReplyDeleteපුද්ගලික අත්දැකිමක් තියෙනවා මේ හා සම්බන්ද.. පුද්ගලික කිවාට මගේ යාලුවෙක්.. එයාගේ අම්මයි තාත්තයි පුංචි කාලෙදිම නැති වෙලා.. ඒත් මෙයා බලාගත්තෙ නැන්දයි මාමයි.. ඒ නැන්දාගෙයි මාමාගේයි ළමයාට වඩා මෙයාට ආදරෙයි.. සමහර විට ඇත්ත දෙමව්පියං ගැන හොයන්න හිතක් පහල වෙයි කියන බයට එහෙම ආදරයක් මවා පානවද කියලා මට වෙලාවකට හිතිලා තියෙනවා..
මේක මරු ඉශ්වියෝ..! :D
තැන්කූ බනී... :D
ReplyDeleteමෙච්චර කාලෙකට මගේ බ්ලොග් ජිවිතේ මේවගේ සංවේදී කතාවක් දැකලාම නැහැ
ReplyDelete