
හැකිනම් සිත මා පා කර හරින්න..
සීතල සුලං රැල්ලක් සේ..
සිසිලස දෙන්නම් ඇවිලෙන සිතකට...
නිවෙන්න දුක් ගිනි දැවෙන සිතේ..
හැකිනම් දකින්න ලෝකෙම එකවර..
අවකාශෙන් පිට සඳවත සේ..
ඒලිය ගෙනෙන්නම් සැමදා එක ලෙස..
අමාවක සඳක් නොමැති ලෙසේ..
හැකිනම් යන්නට අතීත මතකෙට..
පැටලුව පා පොඩි පුංචි කලේ..
ඉගිලී යන්නම් කිරිල්ලියක සේ..
නිදහස සොයලා ජීවිතයේ...
ඉගිල යන්න සදවත...
ReplyDeleteලස්සන එ හීන අහසට...
නිහඩ නුඹ සිත පිරිමැද..
ඉඩදෙන්න අතීතේට ..
ගෙනෙන්නට සිතුවම්..
හිත් අහසට...
කමෙන්ට් කරන්න නොදනී කවි වලට, මගේ කවි සිත දිය වෙලාද කොහෙද.. නැත්නම් එහෙම එකක් තිබ්බෙම නැද කොහෙද.. :D
ReplyDeleteනිකං මුකුත් නොකිවාම කට කහනවා වගේ මට :D
තිං
"පැටලුව පා පොඩි පුංචි කලේ"
පුංචි කලේ නෙවේ "කාලේ"
:D
සුලං රොදක් වෙලා එන්න
ReplyDeleteසිසිලස මට අරන් එන්න
මා හදවත ඒ සිසිලෙන්
තෙමමින් තුරුලට ඇදෙන්න
සරා සඳක් වෙලා එන්න
මගෙ ලෝකෙට එලිය දෙන්න
සඳ දිය මා ගත වෙලමින්
සදාකල්ම රැඳී ඉන්න
අතීතයෙන් මිදී එන්න
අලුත් ලොවක් තනාගන්න
නිදහස් ජීවන ගුවනේ
මා සමගින් පියාඹන්න
නෑ බනියා 'කාලෙ' කියලා දැම්මම තාලෙට යන්නෙ නෑ. 'කලේ' කිව්වම තමයි ඒක තාලෙට යන්නෙ. ඔය වචන දෙකම නිවැරදියි. එහෙනම් ,පැටලුව පා පොඩි පුංචි කාලයේ, කියලා එන්න ඕන. නිකම්ම කාලෙ කියලා ආවොත් තාලෙ පිට පනිනවා. :D
ReplyDeleteඔය තියෙන්නෙ නිකං ගින්දර වගේ.නියමයි.ජය වේවා!
ReplyDelete