Monday, April 25, 2011

ෂෝ එක ...


ඔන්න තවත් හීනයක්...නෑ නෑ මේක නම් ඇත්තක්... කතාව කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙයිද මන්දා... ඇත්ත කතාවත් ඉතින් එහෙමනේ...පටන් ගත්තේ කොහෙන්වත් ඉවර උනේ තව කොහෙන්වත්.. හැමදාමත් වගේ කරුමේට ඉන්න පිරිමි ජාතිය හින්දා පෙරලුනු අහක යන බාල්දියක් ඕං මේක...

අපි එහෙනම් සිද්ධිය වෙච්ච මුල්ම දවසින් පටන් ගමු.. හීනේකින් වත් සංගීත සංදර්ශනයක් දැකලා නැති අපේ හිතුවක්කාරිට ජිවිතේ පලවෙනි සංගීත සංදර්ශනය පෙන්වීමේ පින කරගන්න ගිහින් තමයි මාත් කොහෙන්ද පාත් වුන මේ බාල්දියට සම්මාදම් උනේ..අපිට ඉතින් මේ වගේ අවස්තාවක් උදා වෙන්නේ කලාතුරකින් නේ... ඉතින් පෙරුම් පුරල පුරලා බලන් ඉදලා ඉතාලියේ මිලාන් නගරයට සනිධප සංගිත කණ්ඩායම එනවා කියන ආරංචිය අපේ කණටත් වැටුනා.. ඒක ඇහුනු වෙලේ ඉදලා අපේ ගෙදර උදවියත් හරිබරි ගැහිලා සූදානම් වෙලා උන්නේ ඔය එනවයි කියල කියපු දවසට හැමෝමත් එක්ක යන් කියලා.. මටත් ඉතින් මගේ නැට්ට නැතුව බෑනේ..ඔන්න එයාවත් අඩගහ ගත්තා යන් කියලා...මොකද ඉතින් සංගිත සංදර්ශනයක් වත් දැකලා තිබ්බ එකෙක් ‍යැ..

හරි හරි ඔන්න ඒ දවසත් ආවා කියමුකෝ...දැන් සංගිත සංදර්ශනේ පටන් ගන්න තිබ්බේ 8 ට ..අපි ඉතින් 5 ඉදන් වගේ සැරසෙනවා..කාලේකින් එන මේ අවස්තාවේ කවුද වගේ කඩන්පාත් වෙන්නත් බෑනේ ඉතින්..අනික මේ වගේ දෙයක් තියෙනවා කියන්නේ මුලු මිලානෝ නගරේයි ඒ අවට ගම් පලාත් වලයි සිංහල කස්ටිය ඉතින් නෑ බෑ නොකියා එතන තමා..අම්මෙහ්... එදා දවස ගැන කියනවා නම් දවසම බාල්දි දවසක් කිව්වොත් තමයි නිවැරදි... මුල්ම බැනුම අහගත්තේ මං තුමිය තමයි.. මොකද කියනවා නම් මේ අපි ගැනු උදවිය ලැස්ති වෙන්න ගියාම දන්නවනේ ඉතින්..පලවෙනි එකෙන් ශෙප් වෙන්නම බෑ.. දෙක තුනක් ඇදලා බලන එක මට පුරුද්දකට ගිහිල්ලා..අරක නම් කලින්ම එකක් තෝරන් සට පට ගාල ඇදන් බැබලි බැබලි ඉන්නවා..මට ඉතින් එහෙන් කුනු බැනුම් මෙහෙන් කුණු බැනුම්...
කොහොමින් කොහොම හරි ඔන්න වෙලාවට කෙසේ වෙතත් අවේලාවට අපේ මස්සිනා පොඩ්ඩ ආවේ අනේ ඉතින් අපි මතක් කරපු මතක් කිරිල්ලටම වෙන්න ඕනා...

ආපො..යි..ඔන්න ඊලග බාල්දිය ..යනකොටත් ටිකට් පෝලිම කාර් පාර්ක් එක ලගටත් වෙන්නම.. එක දකිද්දි මියුසිකල් ශෝ එකත් එපා වෙනවා...ආහ්..වෙලාව කියන්නේ පිනටද මන්දා අපේ මස්සිනාගේ යාලුවෙක් කඩන් පාත් වෙලා අපිවත් ඉස්සරහටම ඇදලා ගත්තා.. ටිකට් ප්‍රශ්නේත් ඉවරයි.. ආයේමත් අපේ මස්සිනා පොඩ්ඩව මතක් කරන්න සිද්ද උනේ යනකොටත් ශෝ එක පටන් අරන් තියෙනවා දැක්කාම..ආන් අර පෝලිමේ හිටියා නම් ශෝ එක කෙසේ වෙතත් ශෝ එක බලල යන උන්ගේ ශෝ එක බලන්න තිබ්බා..

ඔන්න දැන් ටිකට් එකත් අතේ තියාගෙන ඊලගට කට්ටිය ටිකට් කඩන පෝලිමේ... ඇස් වහක් කටවහක් නෑ ටිකට් කඩන්න උන්න ඉතාලි කාරයෝ දෙන්නා නම් හරි සිරියාවයි..මොකට බොරු කියනවද ඉතින් යන ගමන් ගෙදර ගෙනිච්චත් පාඩු නෑ ඕං.. :))
ආහ් අපේ හිතුවක්කාරි එයාට නම් නිකම් මැජික් එකක් දැක්කා වගේ.. කොටින්ම කියනවා නම් ලග ඉන්න එකා ගැන ගානක් වත් නැ ..ශෝ එක දැක්ක ගමන් මගේ අතත් අත ඇරලා දැම්මා..ගිය වෙලේ ඉදන් නටන්න මයි කල්පනාව.. නෝ මැනර්ස් අප්පා... වටපිටාව ගැන නම් කියන්න දෙයක් නැ පාට පාට ලයිට්..පාට පාට නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඇන්ටිලා අන්කල් ලා..අහ් ඇයි සීයලා .. ඒ කට්ටියත් උන්නා..නිකම් නෙමේ කට්ටියම වයින් කරපු බෝනික්කෝ වගේ...

හොදම හරිය ඔයාලට කියන්න.. :) ම්ම්ම්... එක්කෝ ඊලඟ පොස්ට් එකෙන් කියමුකෝ....මේ තවම වටපිටේ කැටයම් විතරයි...එලිවෙන ජාමේට හොද හොද සෙල්ලම් කිව්වලු නෙහ්.. ;)

12 comments:

  1. ඉතාලියේ ශෝ බැලිල්ල නම් මේ වෙද්දී මම නවත්තලා තියෙන්නේ,,,කතාවේ ඊලග කොටස හිතාගන්න පුලුවන් හොද බාල්දියක් පෙරලගෙන ඇති සුවර් එකටම

    ReplyDelete
  2. පන්සලට යන පාර ඔහොම නම් පන්සලට ගියාම කොහොම ඇතිද?අයිති කාරයෝ නැත්නම් ටිකක් ඇඹරිලා නිකන් ඉන්නවා,ඇත්නම් හොඳ කනේ පාරකින් පටන් අරගන පිහි ඇනුම් දක්වා වර්ධනය කරගන්නවා.ඕකයි ගෑනු ළමයි සංගීතයක් බලන්න ගියාම වෙන දේ.

    ReplyDelete
  3. ඔය කියන්නෙ, නියම ශ්‍රී ලාංකික විධියට පටන් අරන් තියෙන්නෙම පෝලිම පැනලනෙ .

    ReplyDelete
  4. @Observer අයියා.. සිරාවට.. පිටසක්වල ගියත් සිරිලංකං ඉට්ටයිල් එක නම් අතාරින්නම බැ :D :D


    ඉශ්වියෝ.. ඔන්න කර ගන්න තියෙන ලොකුම ගොන් කම කරගෙන..! අපිට බ්ලොග් එකේ තරු ඔනේත් නැ.. මවුස් පොයින්ටර් එක රතු වෙන්න ඔනිත් නැ.. හරියේ..! ඔව්වා දැම්මාම මේක බලන්න එන උන්ට බ්ලොග් එක එපාවේවී..!!

    ReplyDelete
  5. මෙච්චර වයසක් වෙනව තාම මට බැරිවුනානෙ සංගීතයක් බලන්න යන්න.කොහෙද අපේ ගෙවල් වලින් එක්ක යන එකක්යැ :/

    ReplyDelete
  6. @ItalyDilan - අහ්හාහා... බාල්දියක් නම් තමා... එහෙනම් අත්දැකීමෙන්ම වගේ කිව්වේ.... ;)

    @ nimthera laga hinda - හෙහේ.. ඒ කතාවත් ඇත්ත වෙන්න පුලුවන්.. හැබැයි මෙහෙ නම් ඔහෙ තරම්ම දරුණු නෑ... :)

    @ Observer - ඒකනේ කියන්නේ... මොන රටක උන්නත් අපි සිංහලයෝ කියලා එහෙම අමතක කරනවාද මං අහන්නේ... :D

    ReplyDelete
  7. @ නදී අක්කා-..අම්මේ ලංකාවේ එව්වා ගැන නම් කතා කරලා වැඩක් නෑ... මෙහෙ නම් ඉතින් එහෙම අවුලක් නැති හින්දා එක්කන් යනවා.. ගොඩ කාලෙකින් එන දේවල් හින්දා කට්ටිය තමන්ගේ පාඩුවේ ටිකක් ජොලියේ ඉදලා යනවනේ... :)

    @ Bunny -එහෙම තමා අපි ලග නෑනේ ඔය බොරු විකාර.. කොහෙ ගියත් සිංහලම තමයි.. :P
    ඇහ්.. හයියෝ.. මට නම් මේක ප්‍රියමනාපයි නෙව.. ඔන්න ඔහේ තරු දිහා නොබලා ලියලා තියෙන කතාව දිහා බලන්නකෝ හේනම්... :D

    ReplyDelete
  8. අහ් එදා දවස අම්මේහ් අමතක කරන්නම බැරි මතකයක්....කොච්චරක් නම් දෙවල් එක දවසට පැය ගාණකට උනාද..මරු .. දන්නවා උනාට කියන්නකෝ එහෙනම් ඉතුරු ටිකත්...

    මේ තීම් එක ලස්සනයි...අමුතු එලියක් දෙනවා..අනික මම ආසයි එක හුරතල් පාටයි..

    ReplyDelete
  9. @ නිම්ශා - හෙහේ එහෙමත් අමතක වෙනවාද වටින කියන දේවල්.. ශෝක් තරමටම කචල් උන හැටිත් මතක ඇති නෙහ්... ;)
    අනේ තැන්කූ ඩලා.. මටත් මේක දැක්කාම කන්න හිතෙනවා.. :D

    ReplyDelete
  10. ඔන්න එහෙනම් අපිත් මේ පැත්තට ආව.... තැන තැන තියෙන රතු බෝකොල තමයි මට අල්ලන්නෙ නැත්තෙ.... ;)

    දිගටම ලියාගෙන යන්න සුභ පතනව!..

    ReplyDelete
  11. මන් මුලින්ම මියුසිකල් ශෝ එකක් බලනන් ගියේ කවද්ද කියලානම් හ‍රියටම මතක නෑ. හැබැයි ඒකට ගිහින් දවස් ගානක් යනකම් බෙල්ලයි කකුල් දෙකයි හොදටම ඇදුම් කෑවානම් මතකයි.
    කකුල් දෙකට කෙල උනේ නටලා.....
    බෙල්ලෙනම් කෙලින්ම පොට ගියා..... නටන්නයි කෙල්ලො බලන්නයි දෙකක් එක සැරේ කොරන්න බෑ කියලා ඒක කාලේ තේරුනේ නෑනේ.... :D

    ReplyDelete
  12. ලංකාවේ ඉදලත් මන් තාම මියුසිකල් එකක් බලල නැනේ

    ReplyDelete