නුහුරු නුපුරුදු..
දිවියක ඇරඹුම..
ගිලිහී යයි නෙතු අද්දරම..
වින්ද සැපක පහස..
බොඳවී යයි දෑස් අභියස..
මැවූ හීන වැල් දෙනෙත පිනවන..
එදා සුර සැප අහිමි වනු ඇත...
කලෙක ගරු නම් නැවත නැත මට..
නමුදු ඇත මට ඔබේ හදවත..
එදා කියා දුන් පෙමක අරුමය..
කියා දෙන්න මට..
ඒ හිතින්ම අද..
ගැට ගසන්නට..
කටුක දිවියක්...
කියා දෙන්න මට..
ඒ හිතින්ම අද...
නොසැලි ඉන්නට....
හදුන ගන්න දුක...
කියා දෙන්න මට..
ඒ හිතින්ම අද..
සතුට ලබන හැටි..
දුක් ගැහැට මැද...
සොයා දෙන්න මට..
මගෙම ලෝකයක්..
ආදරය පිරි...
දුක සැප හඳුනන....
මේ මොකද නංගි මේ
ReplyDeleteවිද්යාප්රභංදයක් වෙන්ටෝන...
ReplyDeleteමේක ඇත්තටම ලිව්ව එකක් නම් (මන:කල්පිත නැත්තං) ගොඩාක් දේවල් හිතා ගත්තෑකි.
ReplyDeleteලස්සනයි නංගි
ReplyDeleteලස්සනයි ඉෂ්වී
ReplyDelete@ MaRLaN - ඇයි මොකද වෙලා තියෙන්නේ?? ආ බය වෙන්න එපා.. මම කා එක්කවත් පැනලා ගියේ නෑ.. :P
ReplyDelete@ Bunny - මේක එව්වා එකක් වගේද පේන්නේ??'
@ සීතල අයියා - ම්ම්ම්ම්... දැනට නම් මේක මන:කල්පිතයි.. ඉස්සරහට ඉතින් කොහොමද මන්දා...
@ පිණිබිඳු...- ස්තූතියි අක්කේ... :)
@ සිතුවිලි නිහඬයි - ගොඩාක්... ස්තූතියි අක්කේ :)
ReplyDeleteආදරය තියෙනම් වෙන මොනාද ...ලෝකයක් හරි දිනයි නේ නේද.... හැබයි පැල දොරින් ආදරෙත් නික්ම ගියොත් නම් මචෝ ...පව්... ඊට පස්සේ ඉතින් ඔය කවි කෙසේ වෙතත් විරිදු වත් නැති වෙනවා....
ReplyDeleteකවිය නම් ලස්සනයි කෙල්ලේ..
ලස්සන හරවත් වචනවල එකතුව ලස්සන කවියකි
ReplyDeleteලස්සන හරවත් අදහස් වල එකතුව ලස්සන හදවතකි (ජීවිතයකි)