Thursday, May 12, 2011

ෂෝ එකේ අවසානය...


කොහෙමෙන් කොහොමෙන් හරි දැකුම් කලුත් අපෙන් සමු ගත්තා.. ඇතුලේ කතා බහ සේරම ඉවර වෙලා අපි කස්ටියම එලියට බැස්සේ ගෙදර එන්න හිතාගෙන.. දොර ලඟ කට්ටිය තෙරපෙනවා එලියට බැහැ ගන්න..තෙරපිලා තෙරපිලා එලියට බැහැලා කාර් එක පාර්ක් කරපු තැනට එනකම් තමා එකම යුද්ධේ.. ඇයි ඉතින් අපේ අම්මලා තාත්තලා අදුරන අය වැහි වැහැලා...කඩේ ඉදි ආප්ප රාණි කියයි.. පොලේ බොංචි සුනිල් කියයි.. හන්දියේ ලාවුස් කියයි..ඔය වගේ අමුතු අමුතු නම් තියන අය මග දිගට අහු වෙනවා.. ඒ හම්බ උනා කියන්නේ ඉතින් දන්නවනේ.. ඒ කතා කෝච්චි වලටත් වඩා දිගයි..ඔය කතා දිහා කට ඇරන් බලන් ඉන්න එක ඊට හපන් එපා වෙනවා...අපේ මස්සිනා අතුරුදහන් වෙලා.. අක්කත් පැත්තකට වෙලා පිපිරි පිපිරි ඉන්නවා මස්සිනාව මතක් කර කර... මායි හිතුවක්කාරියි අපේ අක්කයි , නෑදෑ වෙන අයියයි කතා උනා කාර් පාර්ක් එකට ඔහොම ඇවිදගෙන යන් කියලා.. හිමීට හිමීට පොඩි කතාවකුත් දාගෙන අපි කස්ටිය ඔන්න කාර් එක ගාවටත් ආවා..

සංගීත සංදර්ශනේ දේවලුයි, කට්ටිය නටපු හැටියි මතක් කර කර කාර් එකටත් හේත්තුවක් දාගෙන ඉන්නකොට අහල පහලින් කලබල කාරී සද්දයක් වගේ එන්න ගත්තා.. හැරිලා බලනකොට අපොයි මෙන්න බොලේ තනි මනුස්සයෙක් පස්සෙන් එලවගෙන් යනවා නේද දහ දෙනෙක් විතර.. අර මනුස්සයා පණ දාගෙන දුවනවා.. අපිටත් ඉතින් මැජික් වගේ.. කටත් ඇරන් බලන් උන්නේමොකද මේ වෙන්නේ කියලා.. බැලින්නම් ලංකාවේ සංගීත සන්දර්ශනයක සාම්ප්‍රදායක අංගය එලි දක්වනවා... ඒත් ඉතින් තනි මනුස්සයා පස්සෙන් ඔහොම එලවන් යන එක හරි නෑ නේ මොනා උනත්.. ඒ පාන්දර අන්දකාරේ අපිට මොකුත් පේන්නෙත් නෑ.. චට පටාස් ගාලා වීදුරු බිඳෙන සද්ද වගේ නම් ඇහෙනවා.. මාව නලියනවා..බයත් හිතුනා ටිකක්..

" අපොයි දෙයියනේ.. අර මනුස්සයට කට්ටියම එක්කහු වෙලා ගහනවා වගේ " මම ගොලු වෙලා උන්න අපේ කට්ටිය අතරේ හඩ අවදි කරා...
"අනේ ඔව් බෝතල් බිදෙන සද්දෙත් ඇහෙනවා..." ඒ අපේ හිතුවක්කාරි...
"මේ බලන් ඉදලා හරි යන්නේ නෑ.. මොනා උනත් අර තනි මනුස්සයනේ.. අපි පොලිසියට කෝල් එකක් දෙමු " අපේ අක්කාගේ අදහස නම් නරක නෑ වගේ..
" මේ පිස්සුද.. ඔව්වට ඇගිලි ගහන්නේ නැතුව ඉන්නවලා.. " අපෝ ඒ අපෙ නෑදෑ අයියා.. අර මනුස්සයා ගුටි කනවා බලාගෙන කිව්වානේ හිතක් පපුවක් නැතුව..අපි මොකට බය වෙන්නද....
"මේ නිම්ශා ගන්න කෝල් එකක් පොලිසියට" මම එහෙම කිව්වේ අයියා එක්ක තරහෙන් පිපිරි පිපිරි.. ඇයි බොලේ අපි ගෑණු උදවිය වෙලත් නොසැලී ඉන්නවා.. මේ යකා මූඩ් එකම කාල දැම්මා...අපේ අක්කාත් ෆුල් සපෝර්ට් එක දෙනවා දැන්.. හිතුවක්කාරිත් ෆෝන් එක එලියට ඇදලා අරගෙන ගත්තා පොලිසියට කෝල් එකක්.. අරහෙන් හෙලෝ කිව්වා විතරයි..
හිතුවක්කාරි : " හෙලෝ.. මම මේ ඉන්නේ අහවල් තැන.. එතන කට්ටියක් ගහ ගන්නවා කරුණාකරලා පොඩ්ඩක් ඇවිත් බලන්න.. එක්කෙනෙක්ට තුවාලද මන්දා "
අනිත් පැත්තෙන් : " ආ.. මිස් අපි මේ ගිලන් රථයෙන් .. ඔයා පොලිසියට කෝල් එකක් ගත්තොත් හොදයි.. ඕනේ නම් අපිට නම්බර් එක දෙන්න පුලුවන්.. "
හිතුවකාරි : " ඔහ්.. සමාවෙන්න.. පුලුවන් නම් මට පොලිසියේ නම්බර් එක දෙන්න"
පොලිසියේ නම්බරේත් ඉල්ලගෙන හිතුවක්කාරි ඇමතුම විසන්ධි කලේ කටත් ඇද කරගෙන..
" ආ..පෝ.. හෙන චාටර් මම අම්බුලන්ස් එකට කතා කරලා තියෙන්නෙ.. මෙන්න පොලිසියෙ නම්බරේ.. මට නම් බෑ ආයෙ ගන්න මේන්.. " ඔහොම කියාගෙනම හිතුවක්කාරි ෆෝන් එක උලුක් කරා මගෙ පැත්තට..
ඊලඟට මගේ වාරේ.. මාත් ඉතින් වැඩකාරි වගේ ගත්තා පොලීසියට ... කිව්වා විස්තරේ හිතුවක්කාරි කියපු විදියටම..හැබැයි එකටම ඇහුවා මේ පොලිසියද කියලා..
පොලිසිය : " මිස් අපිට හරියටම කියන්න මිස් ඉන්න තැන.. පාර එහෙම.. "
හපොයි ඉවරයි අපි ඉතින් මිලානෝ නුවර ගැන දන්න එකක් යැ.. හොද වෙලාවට මෙහෙ හැම පාරකම පාරේ නම් ගහලා බෝඩ් එකක් තියෙනවා.. ඒකත් බලාගෙන සේරම විස්තරේ දිග ඇරියා ඔන්න.. පොලිසියට ඕනේ නැති එකක් නෑ.. හැම එකම අහනවා.. ගහගන්නේ ඉතාලි ජාතිකයොද වෙන ජාතියෙදත් අහනවා... විස්තරේ සේරම කිව්වයින් පස්සේ ඇති යන්තම් එන්නම්ය කියලා කිව්වා..
දැන් අපේ කස්ටිය යන්නත් ලෑස්තිය.. මේ පොලිසිය තාමත් නෑ.. අම්මලා කෑ ගහනවා ගෙදර යමු.. දැන් වෙලාත් ගිහින් කියලා.. මොනා කරන්නද අපි පිටත් උනා ගෙදර එන්න..එවෙලෙත් ගහ ගන්න කට්ටිය සද්ද බද්ද කර කර උන්නේ...

ටික දුරක් යනකොට මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා.. නම්බරේකුත් නෑ.. නම්බරේ වහලා ගහන්නත් පුලුවන්නේ..
මම : "හලෝ.. "
අනිත් පැත්තෙන් : " මිස් අපි පොලිසියෙන්.. කෝ මිස් කියපු තැන දැන කවුරුත් නෑ.. " අපෝයි මේ මොන බාල්දියක්ද.. ඊලඟට මාවත් පොලෝසියෙන් අරන් යනවා.. තනි හිතට මට හිතුනේ එහෙමයි..
මම : " ආ.. හරිම කණගාටුයි.. අපි දැන් ගෙදර එන්න පිටත් උනා.. අනික ඔයාලා පරක්කුයි.. එතන හබ කරන වෙලේ තමයි මම කතා කරේ.. " මමත් දඩස් ගාලා කතාව අනිත් අතට හැරෙව්වා.. මම මොනා කරන්නද ඉතින්..
පොලිසිය : " ආ.. එහෙනම් කරන්න දෙයක් නෑ.. කොහොම උනත් පණිවිඩයට ස්තූතියි.. "

අනේ අම්මේ කොහොම හරි පොලිස් කේස් එකත් ඉවරයක් උනා.. තව ටිකෙන් මාව පොලිසියෙන් අරන් යනවා බොරු පණිවිඩ දෙනවයි කියලා..
බලන්නකෝ ඒකෙත් හැටි.. ගහ ගත්ත කස්ටිය කොහෙට මාරු උනාද මන්දා ඒ ටිකට..

ඔන්න ඔහොම තමයි එදා දවස ගෙවුනේ..කවදාවත් අමතක නොවෙන විදියට...දැකුම් කලුලා, තට්ට අංකල්,කැමරා කාරයෝ.. අන්තිමට පොලිසියත්...ගෙදර ඇවිදිනුත් මටයි හිතුවක්කාරිටයි හිනා... අම්මලාත් පැත්තකට වෙලා ඉදගෙන උන්නාට මොකද සේරටම ඇහැ ගහන් ඉදලා තියෙන්නේ.. ඒක හින්දා ගෙදර ඇවිල්ලත් දැකුම්කලුව මදි නොකියන්න මතක් කරා..මදැයි ශෝ එකක් බලන්න ගිහින් උන හදියක්..

7 comments:

  1. ඇත්තටම ඉවරද?තව ලියන්න ඉතුරු නැද්ද?නිකං හිතට මොකක්ද මොකක්ද වගේන්....

    ReplyDelete
  2. මේ ඉතාලියෙනෙ මං හිතුව ලංකාවෙ කියල.

    ReplyDelete
  3. කවුද...කොහේද වලි..පොඩ්ඩේ...චුට්ටේ....කැති ටික මුවහත් කරපන්...ඉතාලියේ වලියක් ලු

    ReplyDelete
  4. @ සීතල අයියා - ඉවරයි ඉවරයි.. හිතේ මොකුත් කහට තියා ගන්න එපා... :P

    @ Observer - ඉතාලියේ උනාට මොකද උන්නේ ලංකාවේ කස්ටියනේ.. ඉතින් වෙනසක් නෑ.. :D

    @ රත්ගමයා - අනේ අම්මෙහ්.. වලි පේන්න බෑ වගේ නේ... :D

    ReplyDelete
  5. බලනකොට වලි නැති තැනක් නෑ වගේ.....!!!! :P :P

    ReplyDelete
  6. ඉල්ලන් කනවා කියන්නේ මේවට තමා

    ReplyDelete
  7. ඔහොම සීන් එකක් ලංකාවෙ වෙලා මම පොලිසියට (119) කෝල් කරා. උන්ගෙන් අදටත් සද්දයක් නෑ.

    ReplyDelete