Monday, May 9, 2011

සිහිනය වී ඔබ..


අරමුණක් නැති ජීවිතයක්..
අකලේ ගලා යන..
බාධක තිබුනත්..
ගල් පර තිබුනත්...
සම නෑ ගඟකට...
සුදු, පෙණකැටි විසිරෙන...
සම නෑ ගඟකට..
සයුර සොයා යන..

සැබෑ නොවෙනා හීනයක්..
හොරෙන් දුටුව සිත..
සතුට ලැබුවත්...
පහස ලැබුවත්..
සම නෑ ඔබේ ආදරයට...
ලගින් හිද සනසන..
සුසුමකට ලඟ..
සම නෑ ඔබේ ආදරයට..
ජීවිතය දෙන..
පැතුම් ගෙන දෙන..

ගඟක අරමුණ සයුරු තෙරමය...
ජීවිත අරමුණ ඔබ වෙලා අද..
ගඟකට සම කල නොහැකි ජීවෙක..
කිසිදා නොදකින සයුරු තෙර ඔබ..

සිහිනෙක අරමුණ සැබෑ වීමය..
නොපියූ නෙත් අග සිහිනය වී ඔබ..
කිසි දින සැබෑ නොවන සිහිනෙක..
නෙත් යුග පිනවූ මිරිගුව වී ඔබ...

7 comments:

  1. ඒත් ඒකනම් දෛවය කරන්න දෙයක් නෑ.ඒක පිළිගන්නම වෙනවා හිත කොච්චර රිදුනත්.

    ReplyDelete
  2. ඒ මුහුදත් හැමදාම මග බලං ඉදී කවද හරි දවසක ගග එයා වෙතට එනකං.හොදයි.

    ReplyDelete
  3. අනේ මන්දා....හිමි නැති උනත් හීනෙන් හරි ලග ඉන්න ලැබෙනවනම්.....

    ReplyDelete
  4. සිහින,අරමුණු.....

    ReplyDelete
  5. හීන හැබෑවෙනකල් හොඳයි. ඒත් හීන හීනයක්ම වෙනකොට දරාගන්නෙ කොහොමද?

    ReplyDelete
  6. හෙලෝ....ආදරය කියන්නේ මොකක්ද? :O

    ReplyDelete
  7. ලොල්ය... ලස්සනය. ඊට වඩා දෙයක් කියන්න නොදනී... :D :D :D :D :D

    ReplyDelete