Tuesday, April 19, 2011

අහිංසක පැතුමක්..


හීනයක්...
දකින්න ලස්සන...
හරිම සැහැල්ලු..
පාවෙන කුරුලු පිහාටුවක් වගේ...

ඒ හීනය..
ලස්සන ජීවිතයක්...
ඔහේ ගලා යන...
අර පිහාටුවට සම..

ඒ ජීවිතය...
අහිංසක පැතුමක්..
බරක් පතලක් නැති සිතක...
බොලද සිතුවමක් වගේ...

ඒ පැතුම..
සිත රවටන මිරිගුවක්..
සිතින් පමණක් මවා ගත්..
හැබෑවක් නැති හීනයක් වගේ...

ඒ මිරිගුව..
තිත්ත වුවත් ඇත්තක්..
දුක සැප සම ලොවේ..
සැම හට අත් වන..

12 comments:

  1. ඔන්න ඔයාගෙම බ්ලොග් එකේ දැකපු පල්වෙනි නිර්මානය,,,කවි වගේම කතාත් බලාපොරොත්තුව ඉන්නේ

    ReplyDelete
  2. @ ItalyDilan - හ්ම් හ්ම්... කතාත් ලියමු නේ... :)

    ReplyDelete
  3. හීන කතන්දර වල පළවෙනි හීන නිසදැස.... හීන කතන්දරත් ඉක්මනටම ඕනා.... ලස්සනයි සහෝදරි... මම ලයික්

    ReplyDelete
  4. මේක හොදයි..හැබැයි එකම ප්‍රේම් එකකට කොටු වෙන්න එපා.. එතකොට හැමෝටම බ්ලොග් එක එපා වේවි.. ශෝර්ට් කතා, මෙගා කතා.. කෙටි කතා.. අර කතා..මේ කතා.. විහිලු කතා..මෝඩ කතා..පිස්සු කතා.. ඊ ටී සී.. හේම ලියන්ටැ :D :D

    ReplyDelete
  5. ලස්සනයි ආහ්.. මමත් ලයික්..!

    හැබැයි මචෝ නිසදැස්ම ලියන්න ගත්තොත් ළමයා මේ පැත්තේ එන්න ලින්ක් එකක්වත් ක්ලික් කරන්නේ නෑ ඕං..

    ReplyDelete
  6. @චේ උන්නැහේ...- දෙන්නම්කො හීන කතන්දරත්... ගොඩාක් ස්තූතියි සහෝදරයා...

    අම්මෝ බනී ඒ ලිස්ට් එකේ දිග... සේරම බැරි උනත් පුලුවන් විදියට ලියන්නම්කෝ... :D

    @ චතුවා (ළමයා) - හාපෝ එහෙම කරන්න එපා ඉතින්.. වෙන එව්වත් ලියනවනේ... ;)

    ReplyDelete
  7. හම්මේ.චේ කාරයා කිව්වත් වගේ අදම post එකක් දාලා නෙව.හිතුවෙ නෑ අදම දායි කියලා.අද පිස්සි ඉස්කෝලේ ගිහිල්ලා නෑ වගේ පේන විදියට.හොදයි හොදයි.ලියමුකො එහෙනම්.හැබැයි මට කතානම් කියවන්න වෙන්නෙ නෑ.දන්නවනෙ මම කියවන්න හද්ද කම්මැලියා කියලා.මම ආයෙත් හදවතින්ම සුබ පතනවා.හොදට ලියන්න...

    ReplyDelete
  8. බ්ලොග් අවකාශෙය තවත් අලුත් කෙනෙක් නේද? නියමයි. දිගටම ලියාගෙන යන්න. ලියන ත‍රමට ආසාව වැඩි වෙනවා. ආසාව වැඩි වෙන ත‍රමට ලියවෙනවා. ඔන්න මගේ සුභ පැතුම්.
    මේ බ්ලොග් අවකාශය තුල දිගු ගමනක් යන්න මම ඔයාට ආසිරි පතනවා.

    ReplyDelete
  9. හ්ම්ම් අන්තිමට එයත් අත ගැහැවුවා...
    සුභ පතනවා නංගි..කොහොමත් ඔයා ලියන්න හපනි නෙව..කරගෙන යන් අපිත් එන්නං මල් වගේම ගල් වලින් ගහන්නත්..ඒ ඒ තැන් වලදී ඒ ඒ හැටියට...

    ReplyDelete
  10. @සීතල අයියා- ගොඩාක් ස්තූතියි....

    @අනුරාධ - ගොඩාක් ස්තූතියි.... :)

    @ මාරයාගේ හෝරාව - ස්තූතියි... මල් බැරි නම් ගල් වලින් හරි ගහන්න මේ පැත්තට එන එකත් ලොකු දෙයක්... :)

    ReplyDelete
  11. අප්පේ කෙල්ලේ මම සැහෙන්න පරක්කු වෙලා නෙහ්... ම්ම්... කමක් නැ... නිසිදැස නම් ලස්සනම ලස්සනයි..... ඔය ෆොටෝ පිස්සුව මටත් තියෙන හන්දා කියන්නම් ...ලස්සන පික් එක...

    ReplyDelete