Wednesday, November 23, 2011

සොයයි සොයයි සිත පිළිතුරක්..


සුලක් මුලක් නැති පෙම් කවක්...
ලියයි ලියයි සිත නොදැනුවත්...
හැබෑ නොවන බව දැන දැනත්...
හඹයි හඹයි නුඹෙ පෙම පතන්...

අතරමං කර එක හිතක්..
හිඳියි හිඳියි නුඹ නෙතු අයන්..
ඉවක් බවක් නැති ගල් හිතක්..
තලයි තලයි සිත නැති ඉමක්..

මංමුලා වුණු සිතට සැපක්..
සොයයි සොයයි සිත පිළිතුරක්..
ගැටලු ගැටලු පිට පැන ගොඩක්...
දවයි දවයි සිත මහමෙරක්...

7 comments:

  1. සෙල්ලං නෑනේ... පව් අප්පා හිත..

    ReplyDelete
  2. ඩික්ශනරියක් නැද්ද නංගි ? :D

    ReplyDelete
  3. හිත බිඳින්න යන්නේ. දිස් ඊස් අ ක්‍රිමිනල් කේස් !! :)

    ReplyDelete
  4. හිත බැලුමක් වගේද?

    ReplyDelete
  5. හිත බිදින්න ඔන්න මෙන්න...

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... හිත බිඳිලාද??? :(

    ReplyDelete
  7. මමත් ආවා හීන කතන්දර බලන්න.කවි පද ටිකනම් ලස්සනයි...ලොකු තේරුමක්

    ReplyDelete