Saturday, May 25, 2013

ආදරේ ටිකක් .. නැතිව යාවිද..



දුරක සිටී නම්..
කවදා හෝ යලි..
එක්වෙන සැනසුම...
සිතට දැනේවී..
ලඟ හිඳි මුත් නුඹ..
සිතේ දුරස්බව..
බිඳිනු කෙලෙසක
කියන්න මට අපි..

නුඹ දිහා බලන්..
සිතින් අඬන මට..
කඳුලම පමණක්..
උරුම වේවිද..
නුඹට ආදරෙන්..
පෙරුම් පුරන මට..
ආදරේ ටිකක්..
නැතිව යාවිද..

ගන්නට මගෙ අත..
ඉඩ හැර අයෙකුට..
සිත හොරකම් කර..
ඔබ දුර යාවිද..
මතකය පමණක්..
සිතේ ගුලි කර..
විඳවන්නට මට..
ඉඩ හරීවිද..

පසුතැවෙනවා සිත..
අහිමි වෙන ඔබ දැක..
පසුබසිනවා හද..
ඔහුගෙ වෙන්නට..
කකියන නෙතු අග..
නොනවතින කඳුලු කැට..
දොස් නගනවා මට..
නොසිතුවේ ඇයිද දුර..



7 comments:

  1. වසන්තය එනවා සත්තකයි..
    ඒ වසන්තය ඔබ පතන දිශාවෙන්
    ඔබ සිතන වෙලාවට එන එකක් නැහැ
    නමුත් නාඩා ඉදින්
    වසන්තයා ඔබ සොයාගෙන ඒවි..

    ReplyDelete
    Replies
    1. අනේ කවදා ඒවිද මේ වසන්තයා?? හයියූ.. :/

      Delete
  2. මගේ දින පොතේහි
    අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුවට මං කැමති.. මටත් ඕකම කියන්න වෙයිදෝ මන්ද අප්පා...

      Delete
  3. ගන්නට මගෙ අත..
    ඉඩ හැර අයෙකුට..
    සිත හොරකම් කර..
    ඔබ දුර යාවිද..
    මතකය පමණක්..
    සිතේ ගුලි කර..
    විඳවන්නට මට..
    ඉඩ හරීවිද..
    lassana kawiyak.....jaya wewa

    ReplyDelete
  4. හෙන කාලෙකින්.. පාර වැරදිලා ද... :D

    ReplyDelete