ආදරේට මම හුරතල් උනාට..
ඇයි කියන්නෙ ඔබ බොලඳ නොවන්නට..
දකින හීන මම ඔබට කිව්වට..
ඇයි කියන්නෙ ඔබ හීන නොබලන්න..
ඔබෙයි මගෙයි ලොව හිතින් හැදුවට..
ඇයි කියන්නෙ ඔබ හැබෑ නොවන බව..
ඔය බොලඳකම් වයසට කීවට..
නැතුවද ඔබ පහු කරලා මේ දින..
ඔය දකින්නේ හීන කීවට..
නැතුවද ඔබ දැකලා ඒ හීනම..
මගේ තැන එදා ඇයට තිබුනට..
නැතුවද ඔබ තනලා ඒ ලෝකය...
ඇය ගිහින් නම් ඔබේ ලෝකෙන්..
ඇයි සසඳන්නේ මා ඇගේ වරදට..
පෙර රිදුනු සිත හදන්න ආයෙත්..
ඇයි නොදෙන්නෙ මට එක වතාවක්...
ඇයට ආදරේ කරපු තරමට..
වැඩිය ආදරෙයි දනී මේ හිත..
ඈතින් තියන්නේ ඇයි මේ තරමට..
එපා දඬුවම් ඇගේ වරදට..
ආදරේ මාර ටොපියක් තමයි...විටෙක බන්ටි ටොපියක් වගේ පැණිරසයි..වෙලාවකට හැක්ස් වගේ කටුකයි...වෙලාවකට පහේ ටොපියක් වගේ මත්වෙන සුලුයි.....
ReplyDeleteඔයාටත් හිතෙන දේවල් අනේ.. එක අතකට ටොපි කතාවත් හැබෑව... :)
Deleteහරිම ලස්සනයි!!
ReplyDeletethanku හිරූ :)
Deleteහ්ම්ම්ම් හදවතින්ම රස වින්දා
ReplyDeleteම්ම්ම්ම්... තැන්කූ...
Deleteහිතට දැනුන කවි පෙලක්..
ReplyDeleteතැන්කූ අලේ.. :)
Deleteඅපි නම් කියෙව්වෙත් නැ ඔන්න හොදේ :D
ReplyDeleteහේනම් ඈක්කා කිව්වෙ බොල?? :P
Deleteලස්සනයි..
ReplyDeletethankuu... :)
Delete