අහඹු මොහොතක හමු වුනේ ඔබ ..
මතකද දවසක නෙතු දහසක් මැද...
නුහුරුම හැඟුමක් දැවටුන සිත ලඟ..
එකලු කලා නව පැතුම් පොදි බැඳ...
දඟකාර නුඹේ වදන් අද්දර..
නැවතුනා සිත මටත් නොදැනිම.
ආදරයක්දෝ මුලු සිතින් කල..
ගනිච්චියක් නෑ මේ හැඟුම් ගැන..
ආදරේද මට ඇහුවේ නෑ මම..
ආදරෙයි මම කිව්වේ නෑ මම..
තනිව ආදරේ කලා රහසෙම..
නිච්චියක් නෑ යනතුරු වෙනතක...
මිතුරියක නමක් පමණක් දී මට..
රුවැත්තියක් අත පටලා වෙනතක..
ඉතින් යනවද?? යන්නම යනවද ..
ආයෙම දිනයක හමු නොවෙන්නම..
අයියෝ අයියෝ....... හිතේ ඉපිදී හිතේම මියගිය ප්‍රේමයක්
ReplyDeleteඒක නේන්නම්... එහෙමත් වෙනවනේ වෙලාවලට...
Delete:(
ReplyDelete"මිතුරියක නමක් පමණක් දී මට..
ReplyDeleteරුවැත්තියක් අත පටලා වෙනතක..
ඉතින් යනවද?? යන්නම යනවද ..
ආයෙම දිනයක හමු නොවෙන්නම...."
හිතට හොඳට දැනුනා.. රතු හැට්ටකාරියවත් සුවිශේෂි කෙනෙක් මිතුරියක් විදිහට පමණක් කරලා ඈතට ගිය නිසා...
අනේ.. :( දුකයි නේ එහෙම උනාම..
Delete//ආදරේද මට ඇහුවේ නෑ මම..
ReplyDeleteආදරෙයි මම කිව්වේ නෑ මම..
තනිව ආදරේ කලා රහසෙම..
නිච්චියක් නෑ යනතුරු වෙනතක...//
ඒක පාර්ශික ආදරයක් වගේ.. :)
හ්ම්ම්.... :)
Deleteඅපූරුයි.. හිතින් කල ආදරයක්..
ReplyDeleteලස්සනයි ලස්සනයි..:)
ReplyDeleteතැන්කූ මචෝ... :)
Deleteඔයාගේ හදවත් එහෙම කියනකොට අනික් හදවත මෙහෙම කියනවා
ReplyDeleteනුබේ සුවද පිරුණු
අපේ ආදරේ ............
සමරු පොතක
ලියවී ඇත්තේ ..........
නිල් දෙනතින් කියවුණු
හැම දේ .............
තවමත් මගේ
හදවතේ තියේ ..............
සොදුරු හැගුම් හදේ මවපු
අපේ අතීතේ ...........
එදා ලෙසම අදටත් මගේ
මතකයේ ඇතේ............
තනිව දොඩපු පුංචි පුංචි
රුක් ගොමු අස්සේ .......
මගේ මතක තවමත් දිව
යනවා සේ දැනේ .............
නුබ ඇතක මං ඇතක සිටින
වෙලාවේ ................
ඇයත් එක්ක ඉන්නා විට
නුබ මට සිහි වේ ...............
මන් අදමයි මේ පැත්තට අවේ අයෙමත් එන්නම්
සුවඳ දැනුනා නම් ආදරේ...
Deleteහදට හැඟුනා නම් සිතැඟි දේ ..
මතකේ ඇත්නම් අතීතේ...
ඇයිද මා හැර ඔබ ගියේ...
එන්න එන්නකෝ ඇවිත් කියවලා යන්න... :)
ඔයා කිව්වනම් ආදරෙයි කියල?
ReplyDelete.
.
.
.
.
.
.
.
එහෙනන් එන්ඩින් එක වෙනස්,සුඛාන්තයක් දකින්න අපිත් ආසයි
මේක මට වෙච්ච දෙයක් නම් නෙමේ.. ඒත් වෙන කෙනෙකුට ආදරේ කරන කෙනෙක් ගැන බලපොරොත්තු වෙන එක තේරුමක් නෑ කියලා මට හිතෙන්නෙ...
Deleteආ ආ අ මම කිව්වෙත් එයා ගැන තමයි ;)
Deleteඔයා කියන දේ ඇත්ත.ඒත් එයත් මේ කෙල්ලට ආදරේ කරානම්?ඒ කෙල්ලගෙ ආදරේ ලබෙන්නෙ නැති වෙයි කියල හිතුන නිසානම් වෙන කෙනෙකුගෙ වෙලා ඉන්නෙ???