Saturday, June 30, 2012

ඉතින් යනවද??



අහඹු මොහොතක හමු වුනේ ඔබ ..
මතකද දවසක නෙතු දහසක් මැද...
නුහුරුම හැඟුමක් දැවටුන සිත ලඟ..
එකලු කලා නව පැතුම් පොදි බැඳ...

දඟකාර නුඹේ වදන් අද්දර..
නැවතුනා සිත මටත් නොදැනිම.
ආදරයක්දෝ මුලු සිතින් කල..
ගනිච්චියක් නෑ මේ හැඟුම් ගැන..

ආදරේද මට ඇහුවේ නෑ මම..
ආදරෙයි මම කිව්වේ නෑ මම..
තනිව ආදරේ කලා රහසෙම..
නිච්චියක් නෑ යනතුරු වෙනතක...

මිතුරියක නමක් පමණක් දී මට..
රුවැත්තියක් අත පටලා වෙනතක..
ඉතින් යනවද?? යන්නම යනවද ..
ආයෙම දිනයක හමු නොවෙන්නම..

15 comments:

  1. අයියෝ අයියෝ....... හිතේ ඉපිදී හිතේම මියගිය ප්‍රේමයක්

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... එහෙමත් වෙනවනේ වෙලාවලට...

      Delete
  2. "මිතුරියක නමක් පමණක් දී මට..
    රුවැත්තියක් අත පටලා වෙනතක..
    ඉතින් යනවද?? යන්නම යනවද ..
    ආයෙම දිනයක හමු නොවෙන්නම...."

    හිතට හොඳට දැනුනා.. රතු හැට්ටකාරියවත් සුවිශේෂි කෙනෙක් මිතුරියක් විදිහට පමණක් කරලා ඈතට ගිය නිසා...

    ReplyDelete
    Replies
    1. අනේ.. :( දුකයි නේ එහෙම උනාම..

      Delete
  3. //ආදරේද මට ඇහුවේ නෑ මම..
    ආදරෙයි මම කිව්වේ නෑ මම..
    තනිව ආදරේ කලා රහසෙම..
    නිච්චියක් නෑ යනතුරු වෙනතක...//

    ඒක පාර්ශික ආදරයක් වගේ.. :)

    ReplyDelete
  4. අපූරුයි.. හිතින් කල ආදරයක්..

    ReplyDelete
  5. ලස්සනයි ලස්සනයි..:)

    ReplyDelete
  6. ඔයාගේ හදවත් එහෙම කියනකොට අනික් හදවත මෙහෙම කියනවා

    නුබේ සුවද පිරුණු
    අපේ ආදරේ ............
    සමරු පොතක
    ලියවී ඇත්තේ ..........
    නිල් දෙනතින් කියවුණු
    හැම දේ .............
    තවමත් මගේ
    හදවතේ තියේ ..............
    සොදුරු හැගුම් හදේ මවපු
    අපේ අතීතේ ...........
    එදා ලෙසම අදටත් මගේ
    මතකයේ ඇතේ............
    තනිව දොඩපු පුංචි පුංචි
    රුක් ගොමු අස්සේ .......
    මගේ මතක තවමත් දිව
    යනවා සේ දැනේ .............
    නුබ ඇතක මං ඇතක සිටින
    වෙලාවේ ................
    ඇයත් එක්ක ඉන්නා විට
    නුබ මට සිහි වේ ...............


    මන් අදමයි මේ පැත්තට අවේ අයෙමත් එන්නම්

    ReplyDelete
    Replies
    1. සුවඳ දැනුනා නම් ආදරේ...
      හදට හැඟුනා නම් සිතැඟි දේ ..
      මතකේ ඇත්නම් අතීතේ...
      ඇයිද මා හැර ඔබ ගියේ...

      එන්න එන්නකෝ ඇවිත් කියවලා යන්න... :)

      Delete
  7. ඔයා කිව්වනම් ආදරෙයි කියල?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එහෙනන් එන්ඩින් එක වෙනස්,සුඛාන්තයක් දකින්න අපිත් ආසයි

    ReplyDelete
    Replies
    1. මේක මට වෙච්ච දෙයක් නම් නෙමේ.. ඒත් වෙන කෙනෙකුට ආදරේ කරන කෙනෙක් ගැන බලපොරොත්තු වෙන එක තේරුමක් නෑ කියලා මට හිතෙන්නෙ...

      Delete
    2. ආ ආ අ මම කිව්වෙත් එයා ගැන තමයි ;)

      ඔයා කියන දේ ඇත්ත.ඒත් එයත් මේ කෙල්ලට ආදරේ කරානම්?ඒ කෙල්ලගෙ ආදරේ ලබෙන්නෙ නැති වෙයි කියල හිතුන නිසානම් වෙන කෙනෙකුගෙ වෙලා ඉන්නෙ???

      Delete