Monday, June 18, 2012

යන්න මට ලෝබයි...





දෑස් පියාගෙන සිතින් ඔබ ලඟ..
හිඳින්නට ආසයි..
දුරින් හිඳ වුව කියන වදනකට..
සිනාසෙනු ආසයි..
ආදරෙයි කියා කියන හැමවිට..
අහන්නට ආසයි...
ඔබ ලබන්නට, ඔබෙම වෙන්නට...
සදා මං ආසයි..

වෙනව යන කතා කියනු එපා මට..
අහන්න මට ලෝබයි..
සිහින ලෝකය බිඳිනු එපා හෙට..
සිතන්නටත් ලෝබයි..
අපෙම ලෝකයක් තනමු අපි හෙට ..
පතන්නට ආසයි..
ඔබෙන් නික්මී දුරක වෙනතක..
යන්න මට ලෝබයි...

11 comments:

  1. ලස්සන පිංතුරේ..
    ලස්සන සිතුවිලි...

    එහෙම වෙන එකක් නැ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ... වෙනකන් කිසිම දෙයක් ගැන කියන්න බෑ...

      Delete
  2. ලස්සන සිතුවිල්ලක්....
    ඔයාගෙම වෙන්න ඕන ප්‍රාර්ථනා කරන කෙනා ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ අනේ.. සෑහෙන වටින ප්‍රාර්ථනාවක් ඒක... :)

      Delete
  3. කිව්වා වගේ මට තාම කමෙන්ට් එකක් හිතාගන්න බෑ දාන්න :S

    ඒක හින්දා ලස්සනයි කියලා විතරක් කියන්නම් ^_^

    ReplyDelete
  4. එපා යන්නට
    ඇත පාවීලා.....
    රැදෙනු මැන
    සසර පුරාවට
    නෙතු අද්දර
    මගේ
    සුසුම් පොද වී .....
    රකින්නම්
    සුරදුතියේ නුබ
    මගේ කුමාරි
    ලෙසින් සදා........

    ReplyDelete
    Replies
    1. අලේ එහෙම හිතන අයත් ඉන්නවා නම් හලි ශෝක්... :)

      Delete
  5. ම්ම්ම්....

    එකම එක දවසකට
    ඔබ මගේ වෙනවා නම්
    සත්තයි ඔබ යන්නේ නැ
    දමා මේ ආදරේ...

    ඔබට නොහැඟෙන
    හිතේ රැඳි ආදරය
    මහ මෙරකට උසයි
    දන්නේ නැ ඔබ

    එකම එක සැරයක්
    වෙන්න ඔබ මගේ
    යන්නේ නෑ ඔබ
    දමා මේ ආදරේ..

    ලස්සන කවියක් යාළු..

    ReplyDelete
  6. තැන්කූ... ඔයාගේ කවියත් එහෙමමයි... :)

    ReplyDelete