අද වන් දිනයක,නොසිතු මොහොතක..
හමුවුනේ අපි නොහඳුනන ලෙස..
නමුදු සිත රැඳුනේ ඔය ඇස් අබිමුව...
අදටත් එහෙමයි නොම යයි වෙනතක...
නෙතින් කියු දේ වැටහුනාවද...
නෙතේ පැටලී නොයා වෙනතක..
ලඟින් දැවටී සිටියෙ ඒ දින..
මතකයි ඉඟි කෙරූ ඔබෙ නෙත් යුග...
දහසක් නෙත් රවටා, හුන් අප මැද..
අතේ දැවටුව පුංචි තුන්ඩුව..
එදා වගෙමයි පරිස්සමට අද...
තාමත් මා ලඟ ඔබේ සුවඳ දෙන..
හමුවුනු සොඳුරු මතක..
නැතිමුත් ඒ හැටි...
නැහැ කිසි අඩුවක් ආදරෙයි මම..
නැහැ කිසි වෙනසක් ආදරෙයි ඔබ...
දවස් පැය ගනන් ගෙවී හිමිහිට...
අවුරුද්දක් ගැට ගැසිලා අද දින..
දැනුනෙවත් නැති හැටි හරිම පුදුමයි...
ඊයෙ අද වගේ මට නම් තවමත්..
අවුරුද්දක් ගැට ගැසිලා අද දින..
දැනුනෙවත් නැති හැටි හරිම පුදුමයි...
ඊයෙ අද වගේ මට නම් තවමත්..
:) හරිම ලස්සනයි යාලු :)
ReplyDeletethankuuu :)
Deleteලස්සන කවි පෙලක්..
ReplyDeletethanx alee...
Deleteලස්සනයි ගොඩක්.. :)
ReplyDeleteසුබ පැතුම් ඒ ආදරයෙන් සුවඳ විහිදුවන්නට හැම කල..!!! :)
aneee thnkuu godaaak... ^_^
Delete