Tuesday, July 3, 2012
වාවන්නෑ සිත පුංචි පුතේ..
දස මස කුස හිඳ කිරිකැටි පුතු නුඹ..
දෝතට ගෙන මව් සෙනෙහසින් පුතේ..
නොපියූ නෙත් වල හීන කෝටියක..
රජ කෙරුවේ නුඹ තමයි පුතේ...
සිනිඳු මොලොක් පා අඩියෙන් අඩියට...
දෙපා වීරියෙන් නැගිට පුතේ..
පිය නගනා හැටි අතින් මා ගෙන..
සිහින මැව්වා මගේ පුතේ...
සිඟිති සිනා රැලි වචන ගැට ගසන..
කාලය දැන් එලඹිලා පුතේ..
එහෙත් ඇයි නුඹ නිහඬ මේ ලෙස..
වාවන්නෑ සිත පුංචි පුතේ..
දුව පැන ඇවිදින පුංචි ලමයි දෙස..
බලා නිසොල්මන් ඇයිද පුතේ..
දෙපයින් හිටින්න වාරු නැතිවද..
පුංචි ඔය දෙපා සිඟිති පුතේ...
පූරුවේ කල පව්දෝ අම්මා අද..
විඳවන්නේ මේ ලෙසින් පුතේ..
අප්පච්චි මම මේ ලොව නැති කල..
නුඹට යන කලක් ඇද්ද පුතේ...
Subscribe to:
Post Comments (Atom)
දරුවෙක් මේ වගේ තත්වයකට පත්වුණම අම්මා කෙනෙක්ට තියෙන අත්දැකීම ගැන malmi අක්කාත් ලියලා තිබුණා. ඒක එයාගේම අත්දැකීම.
ReplyDeletehttp://malmiart.blogspot.com/2012/06/blog-post_28.html
Deleteසංවේදී කවිපෙලක්......
ReplyDeleteයථාර්තය විනිවිද දැකීමක් .........
ReplyDeleteලස්සන අදහසක්.
ReplyDelete