Monday, June 18, 2012

ඔබ නැති හිස්තැන..


සිනහා දෙතොලඟ..
දෑඟිලි පැටලුන..
එකට පා තැබුව..
දින එයි මතකෙට..

නිදහස් සිත් ලඟ..
වදන් ගැළපුව..
ජීවිතය වින්ද..
හැටි එයි මතකෙට..


දෙනෙත් කොන් අග..
රහස් තෙපළුව..
දඟකාරම දින..
යලි එයි මතකෙට...


දැන් ගෙවී දින..
හමු නොවී අප..
දෑඟිලි තනිවම..
ලෙල දෙයි සුලඟට..


දහසක් දේ ඇත..
සිත තුල සිරවුන..
ඔබට කියන්නට...
ලඟ නෑ තනියට...


දෑස් මායිමේ නැත..
මිතුරියේ අද...
ඔබ නැති හිස්තැන..
දැනෙනවා මට..




7 comments:

  1. ලගින් හිටිය අය ලග නැතිවෙන කොට දැනෙන පාළුව කියාගන්න බැරිතරම් ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රොබින්.. කවුරුත් නෑ වගේ දැනෙනවා... :(

      Delete
  2. ගෙවුනු මතකය ..
    සිතේ ඇති මුත්..
    හිදින්නට බැ ..
    නුඹේ ලග අද..

    දුරස් වුනු කාලය..
    ගිහින් දුරකට..
    ලං වෙනු ආසයි..
    ආයෙ ආයේම ..

    නුඹ නොමැති මාවත් අද්දර..
    ඇවිද යනවා තනිව මා අද..
    හැකි නම් එන්න මිතුරියේ හෙටට..
    එ මිතුදම බිදලනු බැ කිසිවිට..

    ReplyDelete
    Replies
    1. මිතුදම තියේවි..
      තනිකම දැනේවි..
      හමුවෙන දිනක් යලි..
      කියනු බැරි වේවි... :(

      Delete
  3. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
  4. ඔබ ලඟ නැති විට
    හිරු සඳු මිලිනව
    ලෝකය නවතිනවා.........

    ReplyDelete