
නින්දත් නොනින්දත් අතර ඇඳේ කොන්කට ගුලි වෙලා ඉන්නකොට එකපාරට ඇහැරුනේ සීතල වැඩිකමට වෙන්න ඇති.. අන්ධකාරේ අතපත ගාලා ෆෝන් එක ඔබලා බලද්දි වෙලාව පාන්දර 2.36.. වටපිටාව තවමත් ඇස් දෙකට හරිම නුහුරුයි.. දෙයියනේ මම කොච්චර දුර ඇවිත්ද.. නොදැනුවත්වම ඇස් කොනෙන් ගලා ගෙන ආපු කඳුලු බිංදුවක් කම්මුල දිගේ ගලාගෙන යනකොට මම මූණ කොට්ටෙට තද කරලා ඔබා ගත්තේ දුක වැඩිකමට.. ඒ විදියට මම කොච්චර වෙලාවක් ඇස් ඇරිලා උන්නද කියන්න මට මතක නෑ.. මහන්සිය වැඩිකමටද කොහෙද උදේ අම්මා ඇවිත් මට කතා කරනකන් මම හිටියේ තද නින්දේ.. ඇස් දෙකට හරිම මහන්සියක් දැනෙන්නේ.. අම්මටත් වැඩි මූණ නොදී මම නාන කාමරයට රිංග ගත්තේ රෑ තිස්සෙ අඬලා ඉදිමිච්ච ඇස් දෙක හංගගන්න...
ඉක්මනින් මූණ කට හෝදගෙන මම කුස්සිය දිහාවට ඇවිදගෙන ගියේ හිස්පතුලෙන්මයි.. මගේ අම්මේ කකුල් ගල් වෙන තරමේ සීතලක් දැනෙන්නේ..ඇතුල මෙහෙම නම් එලියට ගියාම කොහොම තියේද කියලා හිතෙනවා.. මම යනකොටත් අම්මි මගේ කිරි එක හදලා බලාගෙන ඉන්නවා..
"දුව මම ඔයාට සෙරෙප්පු දෙකක් දුන්නේ ගේ ඇතුලේ ඉන්නකොට දාගෙන ඉන්න.. ඔහොම නිකන් ඉන්න එපා ලමයෝ හොඳ නෑ.. මේ ලංකාව නෙමේ.. ඔයා සීතලෙන් පරිස්සම් වෙන්න ඕනේ.. නැත්තම් ඔව්වා බලපාන්නේ ඉස්සරහට..."
"මේ විදියට ගියොත් නම් නැති ලෙඩත් හැදෙනවා තමයි අම්මා.. ලංකාව කොච්චර හොඳද. මට ආව පලවෙනි දවසම එපා වෙලා.. බිංගුහාවක් වගේ ගෙයක් ඇතුලට රිංගගෙන.. මම කලින්ම කිව්වානේ බෑ කියලා.. මට මෙහෙ ඉන්න බෑ..."
"ඇයි? මොකක්ද ඔයාට මෙහෙ තියන අඩුපාඩුව? මම ඉන්නවා තාත්ති ඉන්නවා නංගි ඉන්නවා.. කන්න ඕනේ නම් කන්න තියෙනවා.. තවත් මොනාද.."
"ඒත් අම්මා.."
"ඔය කතාව ඔතනින් නවත්ත ගන්න සෙනුලි.. ඔයයි මායි හොඳටම දන්නවා ඔයාව හදිස්සියේ මෙහෙට එක්ක ගත්තේ ඇයි කියන එක.. ආච්චි අම්මා නෙමෙයි මම ඔයාගේ අම්මා.. එයත් එක්ක හුරතල් උනා වගේ මාව මෝඩයට අන්දන්න හිතන්න එපා.. ඔයා වෙනුවෙන් තීරණ ගන්න තාම මායි තාත්තයි ඉන්නවා.. අපි මැරෙන දවසක් එනකන්ම කරන්නේ ඔයාට හොඳක් මිස නරකක් නෙමේ.. ඒක නිසා වචන නාස්ති නොකර ඔයා තේ එක බොන්න.. ඔයා ඔලුවෙන් හිටන් කිව්වත් ඔයාව අයේ තනියම ලංකාවට යවන්නේ නෑ.. එච්චරයි.. "
අපේ අම්මි ගොඩාක් තදයි.. මොන දේ උනත් එයාට එහා වචනයක් කතා කරන්න මට හයියක් තිබුනේ නෑ.. මගෙ අතෙත් වැරදි තියෙන්න ඇති.. ඒත් ලංකාවෙ උන්න යාලුවෝ, ඉස්කෝලේ, අමිල අයියා.. ඒ හැමෝම දාලා මේ තරම් දුර රටකට එන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ..
කතා කරන්න කාත් කවුරුවත් නැතුව තනියම ඉන්නකොට හිතට දැනෙන පාලුව දරාගන්න බෑ... අමිල අයියා තමයි මගේ බෝයි වෙලා හිටියේ ඒත් එහෙම කිව්වට අපි උන්නේ යාලුවෝ වගේ ගොඩාක් ලඟ යාලුවෝ වගේ.. මම එයාට ඇත්තට ආදරේ උනාද කියලාවත් මම දන්නේ නෑ.. ඒත් මම එයාට කැමති.. එයත් එක්ක කතා කරන්න, ඇවිදින්න, හිනාවෙන්න මම ගොඩාක් කැමති..එයා හරිම හොඳ කෙනෙක්.. මට කන්න දේවලුත් ගොඩාක් අරන් දුන්නා.. හිනායන දේවලුත් ගොඩාක් කිව්වා.. සමහර වෙලේට මම එයාට ගුටිත් දෙනවා.. අනේ මට එයා නැතුව පාලුයි...අම්මිලාට අපි දෙන්න අශ්‍රය කරන එක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් උනේ ඇයි කියලා මට හිතාගන්නවත් බෑ..දැන් මම මෙහේ තනියම ගෙදරකට හිර වෙලා.. අමිල අයියත් ඇත්තේ ගොඩක් දුකෙන්.. ලංකාවට යන එක හීනයක් විතරයි....
කවුලුව අතරින් බිම පුරා ඉහිරුනු සුදු හිම තට්ටුව උඩ වෙච්ච හැමදෙයක්ම මැවිලා පේනවා වගේ.. ඒ හැමදේම බොඳ කරමින් උණුසුම් හුස්මට වීදුරුව පුරා පැතිරුනු මීදුම් තට්ටුව උඩ දුක හිතුන මූණක් අදිනකොට අත ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන තාත්තිගේ කටහඬට...
" ඇයි දුව දුකෙන්ද ඉන්නේ..? යාලුවෝ නැතුව පාලුද? "
" හ්ම්.. ඔව් තාත්ති.."
"ඕක ඇරිලා යයි දූ ඔයාට මෙහෙ අලුත් යාලුවො හම්බ උනාම.. ඔයාට ලඟදිම හම්බ වෙයි යාලුවෝ ගොඩාක්.. "
එහෙම කියමින්ම තාත්ති මගෙ අවුල් වෙච්චි කෙස් පිරිමදින ගමන් යන්න ගියේ මූණ පුරා පිරිච්ච හිනාවකුත් එක්ක..
තාත්ති ගොඩක් වෙනස් අම්මි වගේ නිතර තරහ ගන්න කෙනෙක් නෙමේ.. ඒත් තරාගියාම එයා තරම් වස කෙනෙකුත් නෑ.. ඒ හින්දා අම්මි මං ගැන විස්තර මොකුත් තාත්ති එක්ක කියලා තිබුනේ නෑ.. දැන ගත්ත දවසට මොනා වෙයිද දන්නෙත් නෑ.. ඒ හැමදේම ගැන හිතලා අම්මි මාව මෙහෙට එක්ක ගත්ත එක ගැන එයාට වරදක් කියන්නත් බෑ.. ඉහලට ගත්ත දිග.... හුස්මක් පාතට දාන ගමන් මම ඇඳට පැන්නේ ඉස්සරහට වෙන්නේ මොනාද කියලා හිතාගන්නවත් බැරුව...
පවට පින් දෙන්න බෑ කියනවනෙ ;)
ReplyDeleteහ්ම්ම්ම්.. ඒකනේ කියන්නේ.. දුක තමයි... ;)
Deleteඉස්සරහාට තව මොනා හරි වෙනවද?
ReplyDeleteඔව් බන් පොඩ්ඩක් හිටු...
Deleteසාතන් කියපු දේමයි මටත් හිතුනේ..
ReplyDeleteමාසෙක එක ගානේ පෝස්ට් එන්න අරගෙන නේ,,කොහොම හරි එන එක වැදගත්...
ReplyDeleteමේ කතාවේ තව කෑල්ලක් තියනවද ඉශ්වි
හිහි.. ඔව් ඔව් තීනවා...
Deleteමේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!
ReplyDelete